රෑ කඩේ හොරකමක් - CCTV බලද්දි අපූරු හොරෙක් මාට්ටු වෙයි GoZZip Lanka

Image00001
වෙළෙදසැලක සිදු වු හොරකමක් සම්බන්දයෙන් සිසිටිවි කැමරා දර්ශන විපරම් කිරිමේදි අපුරු සොරෙකු සොයා ගන්නට මහියංගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සමත්ව තිබෙනවා.

මහියංගනය නගරයේ වෙළදසැලක් 24 දින උදැසන විවෘත කර බලන විට වෙළෙද සැල ඇතුලත යම්කිසි සොරකමක් සිදු වු ස්වරූපය දිස් වු අතර ලාච්චුද විවෘත කර එහි තිබූ මුදල්ද ඇද දමා තිබුණි. වෙළෙද සැලේ දොරෙහි ඉබි යතුරු නොකඩා මෙම සොරකම සිදු කලේ කෙසේද යන්න පිළිබද වෙළෙදසැලේ හිමි කරුට ගැටලුවක් විය. පසුව සිසිටිවි කැමරා දර්ශන
නැරබිමෙන් පසු සිදුව ඇත්තේ කුමක්දැයි සියලු දෙනාටම වැටහි ඇත.

දර්ශන අනුව සොරා පහසුවෙන්ම හදුනා ගත් අතර ඒ කිහසිකු නොව නගරයේ නිතර ගැවසෙන රිළවෙකු ඒ තුළට රිංගා එහි වු රසකැවිලි අනුභව කර පිරිසිදු පානිය ජල බෝතලයක්ද කඩා පානය කර යෝගට් කොප්පයකද රස බලා අනතුරුව මුදල් සේප්පුවද විවෘත කර එහි වු මුදල්ද සිසිකඩ විසි කර ඇත. ඒ සියල්ල නිහඩව සිසිටිවි කැමරාව විසින් පටිගත කර තිබිම හේතුවෙන් මෙම සොරකමේ සුලමුල අනාවරණය කරගන්නට හැකි විය.

පාන්දර කඩය තුලට රිංගා හිමි කරුවන් පැමිණිමට පෙර පැය 1 ½ ක් පමණ ඒ තුල රැදි සිටිමින් මෙම සොරකම රිළවා විසින් සිදු කර ඇති අතර වෙළෙද සේවකයන් වෙළදසැල විවෘති කිරිමේදි එහි කිසිවෙකු සිට නොමැති අතර රාත්‍රි සොරුන් පැමිණ ඇති බවක් දිස්වි ඇත.
මහියංගනය නගරයේ රසකැවිලි වෙළදසැලක් මෙසේ රිළවාගේ ආක්‍රමණයට ලක් වි තිබුනි.

Image00002 Image00003 Image00004 Image00005 Image00006 Image00007 Image00008

Comments