එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන්ගේ වාහනයක් බණ්ඩාරවෙල ප්රධාන වීදියේ වටරවුම ආසන්නයේ දී ඊයේ (17) මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් පිරිසකගේ ගැටීමෙන් එක් අයකු මියගොස් තොණ්ඩමන් ඇතුළු 24 දෙනකු තුවාල ලැබූහ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඡන්ද ප්රචාරක කටයුතුවල නිරත වී සිටි ෆ්රැන්සිස් නමැති 50 හැවිරිදි අයකු වන අතර, ඔහු බණ්ඩාරවෙල පූනාගල ප්රදේශයේ අයෙකි. අනතුරෙන් තුවාලලැබූවන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හපුතලේ නාගරික මන්ත්රී අශෝක් කුමාර් මහතා ද වේ. ඊට අමතරව තුවාලකරුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටිති.
අනතුරෙන් තුවාලලැබූවන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හපුතලේ නාගරික මන්ත්රී අශෝක් කුමාර් මහතා ද වන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.ඊට අමතරව තුවාලකරුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටිති. සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ දකුණු අතට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු දියතලාව රෝහලට ඇතුළත් කළ අතර, ඊයේ රාත්රිය වනවිට ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබිණ.
සෙන්දිල් තොණ්ඩමන්ගේ ජිප් රථයේ රියැදුරා වන සෙල්වේන්ද්රන් නමැත්තා අනතුර වූ අවස්ථාවේ එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රිය අනතුරේ CCTV වීඩියෝව බලන්න පහතින්
Click Here

Comments
Post a Comment