ඌව පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර
රාජපක්ෂ මහතා පසුගිය දිනවල මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත බෙදා දුන්
භාණ්ඩ මල්ලක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර
මහතා දැන් පාර්ලිමේන්තු සභා ගර්භයට රැගෙන ආවා . ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන
පනත් කෙටුම්පත පිලිබඳ දෙවන වර කියවීමේ විවාදය අතරතුර මන්ත්‍රීවරයා සභාවේ
ප්‍රදර්ශනය කරනු
ලැබුවා .
තමා මොණරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරයට
සම්බන්ධ වී සිටිය දී ස්වාමින්වහන්සේ නමක් මෙම බැගය තමාවෙත ලබා දුන් බව
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. නිල් පැහැති බැගයක් වූ එහි ශෂින්ද්‍ර රාජපක්ෂ
මහතාගේ නම සහ මනාප අංකය සටහන් කර තිබෙනු දක්නට ලැබුනා. එම බැගය තුල තිබුණු
මුද්‍රිත බෙහෙත් වට්ටෝරුව මන්ත්‍රීවරයා විසින් සභාව හමුවේ ඉදිරිපත්
කිරීමෙන් පසුව කාන්තා යට ඇදුමක් එම බැගයෙන් පිටතට ගෙන පාර්ලිමේන්තු සභාව
හමුවේ ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.
-http://gossip.asianmirror.lk/-
Comments
Post a Comment