මීට දින කිහිපයකට පෙර කටුනායක ගණිකා නිවාසයක්
වටලා එහි සිටි ගණිකාවන් කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත්තා මෙම ගණීකා නිවාසය
පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම ඇමතිනියගේ නමට ඇති රජයේ නිල නිවාසයක ලිපිනයට බව තොරතුරු ලැබී තිබෙනවා, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයට අයත්
නිවාසයක ලිපිනයට සමාජශාලා දෙකක් හා සම්බාහන මධ්‍යස්ථානයක් ලියාපදිංච් කර තිබීමේ
සිද්ධියක් පිළිබදව පාර්ලිමේන්තු පොලීසියද පරීක්ෂණ ආරම්භ කර ඇත,
මේ නිවස ජ්යෙෂ්ත ඇමතිවරියක වන සුමේධා ජී ජයසේන මහත්මියට පවරා ඇති නිවසක් බව
සදහන් වේ, මීට වසර කීපයකට පෙර ඇමැතිවරියගේ ඥාති දියණියක්
හා ඇයගේ සැමියා මේ නිවසේ පදිංචිව සිට ඇත, මේ ඥාති
දියණියගේ සැමියා මාදිවෙල නිවසේ ලිපිනයට සමාජශාලා දෙකක් හා කටුනායක සම්බාහන
මධ්‍යස්ථානයක් ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ,
මේ ඥාති
දියණියගේ සැමියා කලක් ඇමැතිනියගේ ආරක්ෂක සේවයේ යෙදී සිට ඇත,
පසුව සේවය අත්හිටුවීම නිසා වසර කීපයක් එතෙර රැකියාවක ද යෙදී ඇත,
ඇමැතිනියගේ ඥාති දියණිය හා විවාහ වීමෙන් පසු ඔවුන් දෙදෙනා වසර කීපයක් මේ නිල
නිවාසයේ පදිංචි වූ බව ද කියති, දැන් මෙම නිල නිවෙසේ
පදිංචව සිටින්නේ ඇමැතිනියගේම දියණිය හා බෑණාය, මෙම
සිද්ධිය පිළිබදව පාර්ලිමේනතු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා
ප්‍රකාශ කලේ මෙවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි,
පාර්ලිමේන්තු නිල නිවාසයක ලිපිනයට ආයතන ලියාපදිංචි කිරීම කළ නොහැකි බවද ගොසිප් සී
ලංකා වෙබ් අඩවියට පිළිතුරු දෙමින් මහලේකම්වරයා ප්‍රකාශ කළේය.
සූමේධා ජී ජයසේන ඇමතිවරිය මේ පිළිබදව සදහන්
කරන්නේ මෙවැනි අදහසක්
01 ගණිකා මඩම් පිටුපස සුමේධා ජී ජයසේන ඇමැතිවරිය ඉන්නවා කියන
චෝදනාවට ඔබ වැරැදිකාරියද? සම්පූර්ණයෙන් නිවැරදියි
02 ඔය හෘද සාක්ෂියට එකගව කියන කතාවක්ද? නැත්තම් කොළේ වහලා ගැහැල්ලක්ද? මගේ කොළේ වහලා ගැහිලි නෑ, මම හැමදාම කතා කරන්නේ අවංකව, හදවතට එකගව.
03 හරි එතකොට මේ චොදනාව ? මමත් ඕක දැක්කෙ එක පත්තරේකින් මම දන්නෙ නෑ මොකට මට ඔය විදියට මඩ ගහනවද කියලා.
04 ඒ කියන්නේ මේ චෝදනාව සම්පූර්ණයෙන්ම මඩක්? ඔව් මේ මැතිවරණය වෙලාවෙ මම මෙතෙක් කල් රැකගෙන ආපු චරිතය විනාශ කරන්න ගෙනාපු එකක්
05 මාරයිනෙ එතකොට මේ වෙලාවෙ ඔබටම මේ චෝදනාව කරන්න අල්ලා ගත්තෙ ඇයි? ඒක තමයි මටත් හිතාගන්න බැරි මට ගහන්න හේතුව මොකද්ද කියලා මමවත් දනනෙ නෑ.
06 ඔබට කොළඹ නිල නිවෙසක් තියෙනවනෙ? ඔව් මට නිල නිවෙසක් තියෙනවා.
07 කොහෙද ඒ? බම්බලපිටිය ලොරිස් පාරෙ මට ළගදී තමයි ඒ නිවෙස හම්බවුණේ.
08 එහෙම ඇමැති නිල නිවෙසක් තියෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයෙ නිවෙසක් ඔබේ නමට තියෙන්නෙ කොහොමද? ඔබ මේ බම්බලපිටියෙ නිවෙසට ගියෙ මෑතකනෙ
09 ඒ කියන්නෙ ආණ්ඩුව ඔබට සලකන්නෙ නෑ ඇමැති වෙලත් මන්ත්‍රී ගෙයක් කිබුණේ? සැලකුවෙ නෑම නෙවෙයි මට කලින් ගෙයක් හම්බවෙලා තිබුණා ඒක සම්පූර්ණයෙන් තෙමෙනවා
10 කොහෙද ඒ ගෙදර තිබුණේ? කැප්පෙටිපොළ මාවතේ
11 හරි ඉතින්? මම මේ ගේ තෙමෙන එක ගැන හැමෝටම කිව්වා භාණ්ඩාගාරනුත් මම මුදල් ඉල්ලුවා නමුත් මට ලැබුණෙ නෑ ඊට පස්සෙ තමයි මම ඔය මන්ත්‍රී නිවාසය ඉල්ලගෙන ගියෙ නමුත් මම දැන් ඒ ගෙදර ඇත්තෙ නෑ
12 ඒ කියන්නෙ පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයෙ අංක B-2 ගෙදරද? ඔව්
13 ඒ ගෙදර තවම වෙන් වෙලා තියෙන්නෙ සුමේධා ජී ජයසේන කියන නමට? ඔව් තවම මම ඒක භාරදුන්නෙ නෑ
14 බොහොම හොදයි ඒ කියන්නෙ ඒ ගෙදර සිද්ධවෙන දේවල්වලට ඔබ වගකියන්න ඕනේ? ඔව්. නෑ. ඒ ගෙදර දැන් වහලනෙ තියෙන්නෙ.
15 ඒත් ගෙදරට අදාළව ගෙදර ලිපිනය පාවිච්චි කරලා මොකක් හරි සිද්ධ වෙනව නම් ඔබට ඒකෙ වගකීම ගන්න සිද්ධ වෙනාවා? ඔව් ඒකට අදාළව දෙයක් සිද්ධ වෙනව නම් මම වගකියන්න ඕනෙ.
16 එතකොට මේ පොලීසියෙන් වටලපු ගණිකා මඩම තිබුණු කටුනායක හෝටලයෙ බදු ඔප්පුවෙ තියෙන්නෙ ඔබ නමට ඒ වගේම පාර්ලිමේන්තු නිල නිවෙසේ ලිපිනයට? ඔය හෝටලේ ගැන නම් මම මොකුත් දන්නෙ නෑ.
17 මේ බදු ඔප්පු ගැන ඒ වගේම ඔබ නමට තියෙන නිවෙසේ ලිපිනය ඒකට යොදා ගැනීම ගැන ඔබ තුමිය මොකද්ද කියන්නේ? හොටෙල් එක්ක මගෙ කිසිම සම්බධයකුත් නෑ මම දන්නෙ නෑ මම පුද්ගලයො එක්ක කතාබහ කරලවත් නෑ කාලෙකින්
18 තරහද? මුදල් ප්‍රශ්ණයක් නිසා ඇති වෙච්ච අමනාපයක් තිබුණා.
19 ඥාතිකම් යකාට ගියා එතාකොට? ආශ්‍රයක් තිබුණෙ නෑ ඒ අය එක්ක.
20 ඒක හින්දා ඔබ මෙතැනදී සම්පූර්ණයෙන්ම නිදහස්? මෙහෙමයි 2007දී විතර මගේ නංගි කෙනෙක්ගෙ දුවක් මගේ නිවෙසේ නතර වෙලා හිටියා, මෙයා ජයවර්ධනපුර කැම්පස් එකට තේරිලා හිටියේ, බෝඩිමක් හෝයා ගන්නකම් මගේ ගෙදර හිටියා.
21 ඔය කියන්නෙ පාර්ලිමේන්තු සංකීර්ණයේ ගෙදර ගැන? ඔව් ඒ කාලෙ මම හිටියෙ ඒ ගෙදර, මම එයාටත් ඉන්න දුන්නා.
22 නංගිගෙ දුවනෙ ඉතින්? මගේම නංගිගෙ නෙවෙයි මගේ ඥාතී නංගි කෙනෙක්, මගේ ප්‍රංචි අම්මගෙ දුවෙකුගෙ දුවෙක්.
23 කොච්චර කාලයක් එයා හිටියද? මාස හතරක් විතර.
24 මේ සිද්ධිය ගැන දැනගත්තට පස්සෙවත කතා කලේ නැද්ද ඔය කියන විශ්වාසවන්ත ගෑනු ළමයට? නෑ මම අද වෙනකම් කතා කළේ නෑ. ඒ ගොල්ලො ෆෝන් උස්සන්නෙ නෑ, දැන් කොහෙ ඉන්නවද කියන්නවත් මම දන්නෙ නෑ.
25 ඒ කියන්නෙ විශ්වාසය ඇත්තටම පිරිහිලා වගේ? විශ්වාසය පිරිහිලා කියන්නෙ... වතාවක් මෙයා ඒ ගෙදර ඉන්නකොට යාළුවොත් එක්ක රට ගියා, ඒ යනකොට මේ පාර්ලිමේන්තු නිල නිවෙසේ ඇඩ්රස් එකට මෙයා පාස්පෝට් එකක් හදලා තියෙනවා, මම ඒක දන්නෙත් නෑ, දැන් ඔය ගැන හොයන කොට තමයි ආරංචි වුණේ.
26 ඔක්කොම ඔට කොළේ වහලා කළා කියලනෙ කියන්නෙ හදන්නෙ? වහලා නෙවෙයි ඉතින් ඉගෙන ගන්න ළමයෙක්නෙ එයා ඉතින් ඒ ගෙදර ඇඩ්රස් එක දාල පාස්පෝට් එක හදාගන්න ඇති.
27 ගෙදර අයිතිය තියෙන කෙනා මේ ගැන මොකුත් දන්නෙ නෑ ඔව් මම කිසි දෙයක් දන්නෙ නෑ,
28 එතකොට මේ ගණීකා මඩම තිබුණා කියන හෝටලයට ගත්ත බදු ඔප්පුවේ තිබුණේ ඔබේ ගෙදර ලිපිනය ඒ ගැන මොකද්ද කියන්නේ? මම දන්නෙ නෑ ඒක අර පාස්පෝට් එක පෙන්නලා ගන්න ඇති, එයා අපිට මගුල් කිව්වෙත් නෑ, ඊට පස්සෙ කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ,
29 අයි ඒ ගෑනු ළමයගේ පිට ඔක්කොම වැරැද්ද දාන්නෙ? මට එහෙම කාවවත් අමාරුවෙ දාන්න ඕනෙ නෑ, මම මේ කියන්නෙ ඇත්ත,
30 මගුලට නොගියට ඒ ළමයා බැන්දෙ ඔබේ ළග හිටපු බොඩිගාඩ් කොනෙක්ව? නෑ නෑ... ඒ බොරු.
31 එයාව දැකලවත් නැද්ද? නෑ මම කවදාවත් දැකලා නෑ.
ඒ වගේම මේ ළගදී සුමේධා ජී ජයසේන ඇමතිනිය
මාධ්‍ය හමුවක් අමතා ඌව දුප්පත් වෙලා තියෙන්නේ ගංජා වටලන නිසා කියල කිව්ව, ගොසිප් සී
ලංකා වෙබ් අඩවියේ අපිට හිතුන ඇය කළ ප්‍රකාශ ඔබට පෙන්වන්න පහතින් දැක්වෙන්නේ එම
වීඩියෝවයි
Comments
Post a Comment