කූනාල් මුලින්ම සෝහාට ආදරය ප්‍රකාශ කළේ පැරීසියේදීය. මේ ගැන තාගෝර් පවුල ද ඒකමතික අවසරය ලබා දී ඇත. ෂර්මිලා සතුට ප්‍රකාශ කළේ රුපියල් කෝටි නවයක නිවෙසක් දෙදෙනාට තෑගි දෙමිනි.
සිව් වසරක ප්‍රේම පුරාණයකට හිමිකම් කියන සෝහා, කූනාල් යුවළ මුලින්ම ආදරයෙන් බැඳී ඇත්තේ ‘බූන්තේ ජබ්ගේ’ දර්ශන තලයේදීය. ආදරය ඔවුන් මාධ්‍යයට කිසි දිනක රහසක් කර ගත්තේ නැත. සෝහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිණියකි. කූනාල්, සෝහා ඔක්ස්ෆර්ඩ් සරසවි සඟරාවට ලියන ලද ලිපි ද කියවා ඇත.
ඇයගේ මේ දස්කම් කෙරෙහි ද කූනාල්ගේ සිත ඇදී ගියේය. ඔහු ඇයට කෙතරම් ආදරය කරනවා ද කිවහොත් කෑම පවා පිසින්නේය. 1993 දී ළමා නළුවකු ලෙස රංගනයට පිවිසි කූනාල් 2005 වසරේදී ‘කල්යුග්’ සිනමාපටයෙන් වැඩිහිටි නළුවකු ලෙස දොරට වැඩියේය.
කූනාල්ගේවත් සෝහාගේවත් නම් ඉදිරියෙන් හිටපු පෙම්වතියන්ගේ, පෙම්වතුන්ගේ නම් නොතිබීම ද බොලිවුඩ් ප්‍රේම පරාදීසයේ දුලබ කරුණකි.
Comments
Post a Comment