සජීවීව පුවත් කියද්දී කුණුහරුප කියලා (VIDEO) Gozzip Lanka


ඊශ‍්‍රායල-පලස්තීන අර්බුදය වාර්තාකරමින් සිටි මාධ්‍යවේදිනි ඩයනා මැග්නේ ඉන් ඉවත් කරගැනීමට සී.එන්.එන් පුවත් සේවය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. යුධ පුවත් වාර්තාකරණය අතරතුරදී ඇය විසින් අසභ්‍ය වචනයක් භාවිතා කිරීම එයට හේතුවයි.
ගාසා තීරය වෙත බෝම්බ ප‍්‍රහාර එල්ල කරන විටදී ඊශ‍්‍රායල වැසියන් ජයඝෝෂා නංවන බවත් තමන් වැරදි වචනයක් පැවසුවහොත් තම රථයට පහර දීමට පවා ඔවුන් සූදානම් බවත් පවසා ඇති මැග්නේ අසභ්‍ය වචනයක් පවසා තිබේ.

සී.එන්.එන් ප‍්‍රකාශිකාවක් පවසා ඇත්තේ සජීවී ලෙස පුවත් වාර්තාකරණයේ යෙදී සිටි ඩයනා මැග්නේ වාර්තා කරන අවස්ථාවේත් ඉන් පෙරත් තර්ජනයට සහ හිංසනයට ලක්ව සිටි බවයි.
තමන් භාවිතා කළ වචන පිළිබඳව ඇය දැඩි ලෙස කම්පා වන බවත් එය මාධ්‍යවේදීන් කණ්ඩායමට බාධා කරමින් සිටි පිරිස ඉලක්ක කොට පැවසූවක් මිස ඉන් එපිටට තර්ජනය කිරීමට භාවිතා නොකළ බවත් එම ප‍්‍රකාශිකාව පවසා තිබේ.
මැග්නේ විසින් ට්විටර්හි පළ කළ අදාළ අසභ්‍ය වචනය රැගත් ප‍්‍රකාශය කඩිනමින් මකා දැමීමට කටයුතු කර තිබුණද එය ඒ වන විටත් 200 දෙනෙකු විසින් පමණ යළි පළ කර තිබිණි.
ඊශ‍්‍රායලයෙන් ඉවත් කළ ඩයනා මැග්නේ මොස්කව්හි පුවත් වාර්තාකිරීම සඳහා අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.
මේ අතර ඊශ‍්‍රායල-පලස්තීන ගැටුම් වාර්තාකරණයේ ජ්‍යෙෂ්ඨයකු වන එන්.බී.සී පුවත් සේවයේ අයිමාන් මොහෙල්දීන්ද ඉන් ඉවත් කරගෙන ඇති අතර ඊට බලපෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

israeli-crowd- (2) israeli-crowd- (1)

Comments