හූනෙක් ලිංගික වැඩකට අභ්‍යවකාශයට යයි (PHOTOS) Gozzip Lanka


ලිංගික පර්යේෂණ කටයුත්තක් සඳහා රුසියානු චන්ඳ්‍රිකාවකින් අභ්‍යවකාශයට රැගෙන යන හූනන් තොගයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අවදානමට ලක්වීමේ සිද්ධියක් යථා තත්ත්වයට ගෙන ඒමට එරට තාක්ෂණික ශිල්පීන් සමත් වී ඇති බව වාර්තා වේ.

රුසියානු අභ්‍යවකාෂ ආයතනය උත්සාහයන් 17 ක් දරා අවසානයේ මෙම චන්ඳ්‍රිකාව සමඟ නැවත සම්බන්ධතා ගොඩනගා ගැනීමට සමත් විය.
ෆෝටෝන්-එම්4 චන්ඳ්‍රිකාවේ එන්ජිම ප්‍රතිචාර නොදක්වා නතර වීම නිසා පසුගිට බ්‍රහස්පතින්දා (24) දා මෙම තත්ත්වය උදා වී ඇත.
බර ශුන්‍ය වූ අවස්ථාවක තම ලිංගික ජීවිතයට සහ වර්ධනයට සිදුවන බලපෑම නිරීක්ෂණය කිරීමට හූනන් 5 දෙනෙක් මෙම චන්ඳ්‍රිකාවේ සිටි බවද වාර්තා වේ.
1 2 (1) gecko-hand-roscosmos

Comments