වෙන්නප්පුව ප්‍රදේශයේ ඉපදිලා රටක් නියෝජනය කරලා ප්‍රමුඛයා වුණ ඇය දැන් රට නියෝජනය කරමින් ලොවට අභියෝගයක් වෙන්න සූදානම්. ඇය ඉමායා ලියනගේ.
ජයග්‍රහණය පිළිබඳව මොනවද හිතෙන්නේ ?
මට තාමත් හීනයක් වගේ මම පළමුවැනිය කියලා නිවේදනය කරන කොට දැනුණ හැඟීමකියාගන්න බැරි තරම් සතුටුයි. 15 දෙනාම එක වගේ ලස්සනයි. ඒ අතරින් මම පළමුවැනියා. ජීවිතයේ ලැබූ ලොකු වාසනාවක්. ඔබට අපේ රට නියෝජනය කරමින්වෙනුසියුලාවට යන්න අවස්ථාව ලැබිලා. ඒ ගැන කතා කරමු. ඔව්. මට මිස් අර්ත් (Miss earth) තරගයට යන්න අවස්ථාව ලැබුණා. නොවැම්බර්වල මම එහෙ යනවා.රට වෙනුවෙන් ජයග්‍රහණයක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා.
ඉමායා, නිරූපිකාවක් විතරද ?
මම දැනට නිරූපිකාවක්, ඊට අමතරව නීතිඥවරියක් වෙන්න අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. ඉදිරියේදී රංගනයටත් යොමුවේවි.
නිරූපිකාවක් වූ පමණින් රංගන හැකියාව පිහිටනවාද?
මම රංගනයට කැමැතියි. මට ඒ හැකියාව තියෙනවා කියලා මම දන්නවා.
ඉමායා ශරීරය හැඩට තියාගන්න ගොඩක් වෙහෙස වෙනවා ඇති නේද?
මම යෝග ව්‍යායාම කරනවා. කෑම ගැන නම් ගොඩක් සැලකිලිමත්. තෙල්, ලුණු, සීනිවැඩිපුර භාවිතයක් නැහැ. රූපලාවණ්‍ය කටයුතුවලටත් මම දේශීය ඖෂධ තමයි පාවිච්චිකරන්නේ. වැඩිපුරම ආහාර මගින් ශරීරය පාලනය කරගන්න උත්සාහ කරනවා.
නිරූපිකාවක් වෙන්න ලැජ්ජා, බය නැති කර ගන්න ඕනෑ කියන කතාව හිමායා පිළිගන්නවාද?
කාන්තාවක් වුණාම ලැජ්ජා, බය තිබිය යුතු අවස්ථාවන් අනිවාර්යයි. හැබැයි හැම වේලාවෙම එහෙම විය යුතු නැහැ කියලයි මම හිතන්නේ.
තමන්ගේ විලාසිතා තෝරාගන්නේ තනියමද?
ගොඩක් වෙලාවට තනියම. අම්මත් උදව් කරනවා. පුංචි happy wheels demo කාලේ ඉඳලම මම නිතරමගැළපෙන්න අඳින්නේ. ලස්සනට අඳින්න කැමැතියි. අවස්ථාව අනුව මම විලාසිතාවතෝරාගන්නවා.
කාන්තාවක් වෙලා ඉපදීම පිළිබඳව මොනවද හිතෙන්නේ ?
මම කාන්තාවක් නිසයි අද මේ ජයග්රහණයන් ලැබුණේ. ලංකාව විතරක් නෙවෙයි රටමනියෝජනය කරන්න ලැබෙන්නේ ඒ නිසා. ලස්සනට අඳින්න පුළුවන් කාන්තාවක් නිසා. ඒනිසා එහෙම ඉපදීම වාසනාවක්.
ලංකාව තුළ නිරූපණ ක්ෂේත්රයට නිසි තැනක් ලැබිලා නැහැයි කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ කතාවට ඉමායාගේ පිළිතුර මොකක්ද?
ඒක ඇත්ත. බටහිර රටවල් එක්ක ගත්තාම ලංකාවේ නිරූපණ ක්ෂේත්රයට ලොකු වටිනාකමක් දීලා නැහැ.
ඉමායා තව නිරූපණ ශිල්පිනියක අනුකරණය කරනවා කියලා කවුරුහරි චෝදනා කළොත් ?
මම අයිශ්වර්යා රායිට ගොඩක් කැමැතියි. මම එයා වගේ වෙන්න ආසයි. නමුත් ඉතින්කවුරු හරි කෙනෙක් මාව අනුකරණය කරන තැනට මම පත්වෙන්න කැමැතියි.
මොනවද අනාගත බලාපොරොත්තු?
මම බියුටි ක්වීන් කෙනෙක් වෙන හීනේ සැබෑ කරගත්තා. හොඳ විවාහ ජීවිතයක් ගෙවන්න. නීතිඥවරියක් වෙන්නත් ආසයි.
ඇඟ පෙන්නලා ජනප්‍රිය වෙන්න ගොඩක් නිරූපිකාවන් කැමැතියිලූ?
සමහර එහෙම අය ඇති. ඒත් මම එහෙම නැහැ. මේ මං අඳින විදිහ. මම දිනුවේ මගේ උත්සාහයෙන්. ඒක තමයි සාර්ථකත්වය.
රංගන හෝ නිරූපණ ක්ෂේත්රයේ කෙනෙක්ව විවාහ කරගන්න කැමැති නෑලු නේද?
ඔව්. මම කැමැති ඒ ක්ෂේත්රවලට අයිති නැති කෙනෙක්ට.
අවසන් ප්රශ්නය පෙම්වතෙක් ඉන්නවාද?
ඒ ගැන දැන්ම කියන්න බෑ. පස්සේ කියන්නම්.
Comments
Post a Comment