බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හේතුවෙන් බටහිර බෙංගාල ප්රාන්තයේ පොලිස් නිලධාරිනියකට දැඩි විවේචන එල්ල වී ඇතැයි වාර්තා වෙයි. මෙලෙස ඇය එම තත්ත්වයට පත්ව ඇත්තේ, කොල්කටාහි පැවති ප්රසංගයකදී ෂාරුක් ඛාන් පොලිස් නිලධාරිණියක් ඔසවාගෙන පසුව ඇය සමග නර්තනයක යෙදීම හේතුවෙනි.
ප්රාන්තයේ මහ ඇමතිනිය වන මමතා බැනර්ජී ඉදිරිපිටදී මෙම සිදුවීම සිදුවී ඇති අතර මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පවසන්නේ, නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්රහයක් බව ය.මෙය කලින් සැලසුම් නොකළ දෙයක් බව කොල්කටා පොලිස් කොමසාරිස් නිරූපම් සොම් ප්රකාශ කර තිබේ.
මෙම ප්රසංගයට බිපාෂා බාසු ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් ද සහභාගී වී ඇත.
Comments
Post a Comment