ඇමෙරිකාවේ ටෙක්සාස්හි දී වෙළඳසලකට පැමිණෙන පුද්ගලයකු මංකොල්ලකෑමට ගත් උත්සාහයක් වලකා කොල්ලකරුවන්ට පහර පිට පහර ගැසූ ශ්‍රී ලාංකික තරුණයා පිළිබඳව පසුගිය සතිය පුරාම දෙස් විදෙස් මාධ්‍යය මගින් වාර්තා කරන ලදී.
මයුර සාරංග දිසාසේකර නම් මෙම ශ්‍රී ලාංකික තරුණයා ගෑස් පිරවුම්හලකට අනුබද්ධව ඇති සුපර් මාර්කට් වෙළෙඳසලක ගබඩා ලිපිකරුවකු ලෙස සේවය කරන අතර ඔහු ඇමරිකාවට සංක්‍රමණය වී ඇත්තේ මීට වසර දෙකකට ඉහතදීය.
මයුරගේ දස්කම් ලොව ප්‍රචලිත වෙද්දී ඔහුට මංගල යෝජනා රාශියක් ලැබුණු බව මාධ්‍යය විසින් වාර්තා කොට තිබුණි.
තරුණියන්ගේ ඉල්ලීම් වැඩි වෙද්දී මයුර විසින් ඔහුත් සමග සමීපව සිටින තරුණියකගේ ජායාරූප ෆේස්බුක් වෙත එක්කොට තිබුණි.
Comments
Post a Comment