සමලිංගිකයින්ට විශ්ව විද්‍යාල වරම් GoZZip Lanka


ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයය ප්‍රථම වතාවට ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංගිකත්වයෙන් යුත් අයැදුම්කරුවන් පිළිගෙන තිබේ.එවන් අයැදුම් කරුවන්ගේ ලිංගිකත්වය සටහන් කිරීම සඳහා වෙනම තීරුවක් විශ්ව විද්‍යාල අයැදුම් පත් වලට එක් කිරීමෙනුයි මෙම පිළිගැනීම සනාථ කොට ඇත්තේ.මෙවර විශ්ව විද්‍යාලයට අයැදුම් කර ඇති ස්ත්‍රී හෝ පුරුෂ නොවන පශ්චාත් උපාධි අයැදුම් කරුවන් නම දෙනෙකුගේ අයැදුම්
පත් අනුමත කරන බව විශ්ව විද්‍යාලය විසින් ප්‍රකාශ කොට ඇති බවයි “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පත වර්තා කරන්නේ.
මීට ප්‍රථම මෙවන් ලිංගිකත්වයකින් යුතු අයැදුම් කරුවන් වෙත බල කෙරුණේ ස්ත්‍රී හෝ පුරුෂ ලෙස තම ලිංගිකත්වය සටහන් කරන ලෙසටයි.පසුගිය අප්‍රේල් මාසයේ දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාසගත තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කළේ ස්ත්‍රී හෝ පුරුෂ ගණයට නොවැටෙන පුද්ගලයින් තුන්වැනි ලිංගිකත්වයක් ඇති පිරිසක් ලෙස සැලකියයුතු බවයි.
විශ්ව විද්‍යාල නිලධාරියෙක් පැවසුවේ ලබන වසරේ සිට ප්‍රථම උපාධි පාඨමාලා අයැදුම් පත් සඳහා ද මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවයි.එක් සංගණනය කට අනුව ඉන්දියාවේ මිලියන දෙකක් පමණ වූ ස්ත්‍රී හෝ පුරුෂ ගණයට නොවැටෙන පිරිසක් ජීවත්වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් විවිධ සමාජ සංස්කෘතික පීඩනයන්ට යටත්ව වීදි රැඟුම් දක්වන්නන් සහ යාචකයන් ලෙස හෝ වෛශ්‍යා වෘත්තීය ජීවනෝපාය කොට ගෙන අසරණ ලෙස ජීවත්වන බවයි පැවසෙන්නේ.

Comments