ඉතින් නතාෂා කොහොමද කලා කටයුතු?
හොඳින් කාලය ගත කරනවා. පසුගිය දවස්වල විභාගෙට මහන්සි වුණ නිසා ටිකක් කාර්යබහුල වෙලා සිටියා. තව එක අදියරක් තියෙනවා. ඒ නිසා මේ දවස්වල සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.
ළඟදීම නීතිඥවරියක් ලෙස වෘත්තීය ගමන ආරම්භ කරන්න හැකියාව ලැබේවි නේද?
මේ අවුරුද්ද අවසාන වෙනකොට ඒ සියලු අධ්‍යාපන වැඩ ඉවරවේවි කියලා බලාපොරොත්තු වෙනවා. නීතිවේදී උපාධිය අවසන් කළාට ලංකාවේ නීති විද්‍යාලයේ විභාග වැඩවලට සූදානම් වෙනවා. නීතිඥවරියක් ලෙස වෘත්තීය ගමන ආරම්භ කරන්න මාත් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.
මම වෘත්තීය වශයෙන් කලා කටයුතු කරන්නේ නෑ. මම රංගනයට වගේම ගායනයට නිවේදනයට යොමුවුණේ හිතේ තිබුණ කැමැත්තට ඒවාට කාලය කැප කළේ විනෝදාංශයක් විදියට. මම හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්නවා. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම කලාවෙන් ඈත් වෙන්නේ නෑ.
මේ දවස්වල රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
මම ක්ෂේත්රයෙන් තාවකාලිකව ඈත්වෙලා හිටපු කාලේ ගොඩක් ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණා. සම්පූර්ණ කාලය අධ්‍යාපනයට යොමු කළ නිසා ඒ ආරාධනා අමාරුවෙන් වුණත් ප්‍රතික්ෂේප කරන්න වුණා.නමුත් මම රූපවාහිනී නාලිකාවල නිවේදන කටයුතු නම් දිගටම කළා.
එදා තිබුණ ජනප්‍රියත්වය තාමත් නතාෂාට තියෙනවා කිව්වොත්?
වෙලාවකට මටත් පුදුමයි මිනිස්සුන්ගේ ප්‍රතිචාර තාමත් ලැබෙන එක ගැන. මම හිතන්නේ ඒක වාසනාවක්. දකින දකින රූපවාහිනී නාලිකාවේ පෙනී හිටියේ නැති වුණාට එදා තිබුණ ජනප්‍රියත්වය තාම මට ලැබෙනවා. ඒ ගැන මට නිහතමානි ආඩම්බරයක් තිබෙනවා.
ඔබ ගායිකාවක් ලෙස ප්‍රසිද්ධ වෙන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා සමග ගායනා කළ ගීතය නිසා. තාමත් එතුමාව මුණගැහෙනවද?
දැනට ඒ ගීතය ගායනා කරලා අවුරුදු 10 ක් වෙනවා. ඒත් තවම එඩ්වඩ් ජයකොඩි මහතාට තිබුණ ගෞරවය එහෙමමයි. එක දවසක් මාව දැකපු වෙලාවේ එඩ්වඩ් මාමා ‘අම්මෝ මෙයා ලොකු වෙලා තියෙන තරම කියලා’ කීවේ පුදුම වෙලා. තාමත් ඒ අය මට කතා කරන්නේ දුව කියලා. ඉතින් ප්රවීනයන්ට මම හැමදාම ගෞරවය කරනවා. ඒ දේ කවදාවත් නැතිවෙන් නෑ.
මගේ අධ්‍යාපන වැඩවලට සම්පූර්ණ අවධානය යොමුකරන්න ඒ කටකතා අඩිතාලමක් විදියටයි වැටුණේ. ඒ දවස්වල මම විභාග වැඩවලට ලෑස්ති වුණා. සමහර වෙලාවට මම ගොඩක් මානසිකව වැටුණා. ඒ පීඩනේ දරාගන්න බැරිවුණා.
ගින්නක් නැතුව දුමක් නගින් නෑ වගේ ඒ කටකතා බොරුම කියන්න බෑ නේද?
අපි හදිසියේවත් ඉස්පිරිතාලෙකට ගියොත් එතනදී අපි හිනාවුණේ නැතිවුණොත් ආඩම්බරයි කියනවා. ඒ දේ ඇත්ත වෙන්න පුළුවන්. මොකද එතන හිනාවෙන්න තරම් මානසිකත්වයක් නෑ....
සමහර වෙලාවට මට හිතාගන්න බැරි කවදාවත් හිතුවේ නැති දේවල් කියලා අන්තර්ජාලයෙන් මඩ වැදුණා. මම හිතුවේ මම වැරැද්දක් කරන්නේ නැත්නම් මට කවදාවත් වැරදෙන් නෑ කියලා. ඒ විදියට මිනිස්සු මට මඩ ගැහුවට අද මගේ ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා.
විවාහ වෙන්න ඕන තාම මම ස්ථාවරයකට පත්වෙලා නෑ. විවාහය කියන්නේ සදාකාලික බැඳීමක්. ඒ නිසා ඒ තීරනේ නිවැරදිව ගන්න ඕන. තමන් හරි වයසේදී විවාහ වුණොත් තමන්ට ජීවිතේ සුන්දරව ගෙවන්න පුළුවන්. තවත් වසර දෙකකින් විතර මගේ විවාහය සිදුවේවි.
ඒ කියන්නේ නතාෂා පෙම්වතියක්?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. මම පෙම්වතියක් කිව්වොත් හරි. එයා ගැන විස්තර කියන්නම් පස්සේ.
Comments
Post a Comment