දම්වැලකින් ගැට ගැසූ දැරියක් මීගමුවේ නිවසක - Gozzip Lanka

මීගමුව කොච්චිකඬේ බෝගල ප‍්‍රදේශයේ නිවසක දම්වැළකින් බැඳ දමා සිටි දස හැවිරිදි දැරියක් පොලීසිය විසින් අද සොයා ගැනුනා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී දැරිය සොයා ගැනුනු බවයි.

අද දින මීගමුව කොච්චිකඬේ පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළා. ඒ පැමිණිල්ලේ සඳහන් වුණේ වයස අවුරුදු 10ක පමණ දැරියක් ඇගේ නිවස තුළ මව විසින් දම්වැලකින් බැඳ දමා ඇති බවට. ඒ අනුව විමර්ශන ආරම්භ කිරීමේදී පෙනී ගියා දැරිය දම්වැලකින් බැඳ දමා නිවසේ සිටින බවට. කෙසේ වෙතත් මව උදෑසන දැරිය දම්වැලකින් බැඳ දමා නිවසින් බැහැර ගොස් ඇති බව වාර්තා වනවා. දරුවන් කෲරත්වයට භාජනය කිරීම ලංකාවේ අපරාධ නීතිය සහ වර්තමාන සංශෝධන අනුව දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මව මේ වන විටත් නිවසෙන් බැහැරව ඇති බව වාර්තා වනවා. දැරිය අදාළ යදම් ඉවත් කොට පොලිස් භාරයට පත් කර තිබෙනවා. එසේම ඇය රෝහල් ගත කර ප‍්‍රතිකාර ලබාදෙනවා. කොච්චිකඬේ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

-nethfm-

Comments