මහින්ද රාමනායකගේ හිමිකාරත්වය යටතේ මැක්ස් රේඩියෝව හා ටීවී නාලිකාව පැවති අතර පසුව එය මෑත කාලයේදී යූ එෆ්.එම් හා යූ ටී.වී ලෙස නැවත එළි දැක්වූවා.
ඒ අනුව සිංහල බසින් ප්‍රචාරය වු මැක්ස් මාධ්‍ය ජාලයේ වැඩසටහන් ඉංග්‍රීසි බසින් විකාශය වන වැඩසටහන් හා බටහිරට වැඩි නැඹුරුතාවයක් ඇති වැඩසටහන් පටන් ගෙන තිබුනේ මැක්ස් මාධ්‍ය ජාලයේ පරිපාලනයද
වෙනස් වූ පසුවයි. ඒ මහින්ද රාමනායකගේ බාලපුතු වන ධනුක රාමනායක මාධ්‍ය ජාලයේ පරිපාලනයට පැමිණීමත් සමගමයි.
මත්පැන් ව්‍යාපාර දැවැන්තයෙකු වන මහින්ද රාමනයාක මාධ්‍ය ජාලය සිය විනෝදය උදෙසා පවත්වාගෙන යන්නක් සේ බැලූ බැල්මට පෙනෙන්නකි.
ලාබ නොලබන MGMR නෙට්වර්ක් සමාගමෙහි ලක්ෂ 900 ක් පමණ වටිනා බෙන්ස් මෝටර් රථයක් නඩත්තු කරන මහින්ද රාමනායකගේ පුත් ධනුක රාමනායක මේ දිනවල කල් ගත කරන්නේ ජනප්‍රිය තේ වෙළඳ දැන්වීමක පෙනී සිටි නිරූපිකාවක වන නදීකා සේනාධීර සමගින් බව වාර්තා වෙයි.
මේ තුළින් හැගී යන්නේ සිය මාධ්‍ය ජාලයේ සේවකයන්ට හරි හැටි වැටුප් පවා නොගෙවද්දී ප්‍රධානීන් සිය විනෝදය නම් රිසි සේ විඳින බවය.
Comments
Post a Comment