දිවිනසාගත් පාසල් පෙම්වතියගේ පෙම්වතාගේ සිරුරත් සොයා ගැනේ - Gozzip Lanka

කෘමිනාශක වර්ගයක් පානය කර සියදිවි නසාගත් දඹුල්ල කණ්ඩලම ප‍්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියකගේ පෙම්වතාගේ මළ සිරුර අද උදෑසන සොයා ගැණුනා. ඒ දඹුල්ල නගරයේ සුපිරි වෙළද සැලක් පිටුපස තිබියදීයි. අදාළ තරුණයාද කෘමි නාශක වර්ගයක් පානය කර මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි මූලික විමර්ශනවලදි අනාවරණ වුණේ.
 
විසි හැවිරිදි මෙම තරුණයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන්නෙක්. ඉනාමළුව ප‍්‍රදේශයේ පදිංචි ඔහු කලක සිට අදාළ පාසල් සිසුවිය සමග පේ‍්‍රමසබදතාවක් පවත්වා තිබෙනවා. කෙසේවෙතත් ඊට අදාළ සිසුවියගේ දෙමව්පියන් අවසර ලබාදී නැහැ. ඉන් සිත් තැවුලට පත් සිසුවිය පෙරේදා පස්වරුවේ කෘමි නාශක වර්ගයක් පානය කර සියදිවි නසා ගත්තා. තරුණයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද පැවැත්වීමට නියමිතයි.

Comments