නිරුවත් වෙන්න හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන – අමීෂා GoZZip Lanka



සුදු හංසී,ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ යන චිත්‍රපට තුළින් සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් අමීෂා කාව්න්දි පෙරේරා මේ දිනවල කවිත්‍රා හා ආදර දෑසක් යන ටෙලිනාට්‍ය රූගත කිරීම්වල නිරත වන බව දැනගන්නට ලැබුණා.
අපි අමීෂා සමග යෙදුණු කෙටි පිළිසඳරක දිගහැරුමයි මේ

රඟපාන අලුත් ටෙළිනාට්‍ය දෙක ගැන කතාකලොත් ?

ආදර දෑසක් ටෙලිනාට්‍යයේ පෙම්වතියකගේ චරිතයක් නමුත් ආදරණීය පෙම්වතියක් නම් නෙවේ.
සැරපරුෂ නපුරු පෙම්වතියකගේ චරිතයක්. කවිතා හී නම් පෙම්වතියක් වෙන්න උත්සාහ දරණ කතාවක් තමයි ලැබී තිබෙන්නේ.

විවාහය සිදුවන්නේ කවදාද?

ඒ පිළිබඳව තාම තීරණය කරලා නෑ කවදා කොහොම වේවිද කියලා. මම තාම පෙම්වතියක් ඒ ආදරේ අඩුවක් නැතිව ලැබෙනවා.

ගෙදරින් විවාහය ඉක්මන් කරන්න කියලා නැද්ද?

මම කරන්නේ මට ඕන විදිහට. ඒ කියන්නේ ගෙදර අය කියන දේ කරන්නේ නෑ කියලා නෙවෙයි.
ඒ ගොල්ලො දන්නවා මම කරන දේ හරියි කියලා.

ඔබ රිදී තිරයේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ කොට ඇඳුම් ඇඳගෙන ඒකට විශේෂිත හේතුවක් තියෙනවාද?

එහෙම නෑ නාට්‍යයට සුදුසු විදිහට රඟපානවා. සුදු හංසි හි රඟපාන්න තිබුනේ පාසල් ගොස් අවසන් වූ තරුණියකගේ චරිතයක් ඒ චරිතයට ගැළපෙන විදිහට බටහිර පන්නයට කොටට ඇන්දා. ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ෆිට් ස්විමින් කිට් එකක් ඇන්දා. ඒක ඇත්තටම මහ ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදිත් මිනිසුන් අඳිනවා අනික දැන් වගේ මහත නෑ ඒ වෙනකොට

නිරුවත් චරිතයක් රඟපෑමට ආරාධනාවක් ලැබුණොත් ?

අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම නිරුවත් චරිතයක් රඟපාන්න හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි.

පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය ?

අර්ජුන තමයි මගේ ගුරුවරයා. හැමදේම කියලා දෙනවා. ඒ වගේම හැමදාම කියන්නේ කරන දේ හරියට කරන්න කියලයි.

අමීෂා කියන්නේ කවුද ?

බොහෝම ඉක්මනට දුක හිතෙන ඇත්ත කතා කරන අනුන්ට උදව් කරන සරල බොරු ආටෝප නැති කෙනෙක්.

ඉදිරි බලාපොරොත්තු මොනවාද ?

අතීත මල්ලයි අනාගත මල්ලයි බිම තියලා වර්තමානය ගැන හිතන කෙනෙක් එහෙම ලොකු බලාපොරොත්තු නැහැ.
උපුටා ගැනීම රිවිර පුවත්පතෙන්
-http://gossip.asianmirror.lk-



Comments