ජැකුලින් ෆර්ඩිනැන්ඩ්ස් මේ වනවිට සිටින්නේ ලන්ඩන් නුවරයි.
කෑම සූත්ර අවන්හල විවෘත කිරීමට ලංකාවට පැමිණී ඇය ආපසු පිටත්ව ගියේ පසුගිය 18 වනදාය.
පසුගිය 13 වනදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමේදී ඇය කටුනායක ගුවන්තොටුපළ කවුන්ටරයට ඉදිරිපත් කර තිබෙන්නේ ගුවන්තොටුපළ පරිගනක පද්ධතියේ තොරතුරු ඇතුලත් නොවන කල් ඉකුත්වූ විදෙස් ගමන් බලපත්රයකි.
එම නිසා එතැන සිටි නිළධාරියා ජැකුලීන්ට ගුවන් තොටුපළින් එළියට යෑමට අවසර ලබාදී නොතිබුණි.
එසැනින් ඉහල දේශපාලන ප්රභූ පුතෙකුට ඇමතුමක් ගත් ඇය විස්තරය කියා තිබෙන අතර සුළු මොහොතකින් කටුනායක ගුවන් තොටුපළේ ඉහල නිළධාරීන් හරහා කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබී තිබේ.
ඒ කිසිදු පමාවකින් තොරව ඇයට ගුවන් තොටුපළින් එළියට ඒමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව දේශපාලන හිතවත්කම මත වලංගු ගුවන් බලපත්රයක් නොමැතිව ජැකුලීන් කටුනායකින් එළියට පැමිණ පිටව ගොස් තිබේ.
Comments
Post a Comment