හරීන් සහ නාමල් රහසිගත හමුවක්.හරීන් ආණ්ඩුවට…? GoZZip Lanka


අද සවස 3 ට පමණ බදුල්ල ඌව පරණගම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස මහතාගේ පියා වන මෙවර ඌව පළාත් සභාවේ සන්ධාන අපේක්ෂක A.M. බුද්ධදාස මහතාගේ නිවසේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර රහස් හමුවක් පවත්වා තිබේ.
හරීන් ප්‍රනාන්දු මහතා එහිදී නාමල් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ “මල්ලි
මට මේක දිගටම කරගෙන යන්න අමාරුයි,ආණ්ඩුවෙන් මට දිගටම ගහනවා.අනික මම දැන් මේ වෙලාවේ ලොකු පඹ ගාලක පැටලිලා ඉන්නේ.මම ලොකු වලක වැටිලා ඉන්නේ.මෙහෙම දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.මට ගහන එක පොඩ්ඩක් නවත්වලා මට පොඩ්ඩක් උදව් කරන්න.මගේ දේශපාලනය විනාශ වෙන්න දෙන්න එපා.මේ වෙලාවේ මට ඒක ලොකු උදව්වක්.මම ඒ උදව්ව අමතක කරන්නේ නැහැ.ඊළඟ අවස්ථාවක් ආවාම මම මේ වෙනුවෙන් අනිවාර්යෙන් උදව් කරන්නම්.”
එයට ප්‍රති පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ” අපි ඔයාට එහෙම කරන්නේ නෑ.අපි කාටවත් පුද්ගලික ප්‍රහාර එල්ල කරන්නෙත් නැහැ. මේක දේශපාලනයක්.අපි ඒක කරගෙන යන්න ඕනෑ” යනුවෙනි.

Comments