අධිවේගී මාර්ග වල සිදුවන අනතුරු වලදී මාර්ගයේ ආරක්ෂිත වැටට සිදුවන අලාභය ගෙවීමට සිදුවන්නේ රියදුරන්ටමය.
එම අලාභය ගණනය කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.
ඒ අලාභානි වූ යකඩ වැට නැවත සවිකිරීමේදී වියදමෙන් 20%ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිභාරයක් ලෙස එකතු කර, එයට තවත් 20%ක මුදලක් කොන්ත්‍රාත්කරුගේ ලාභය ලෙසද එකතු කිරීමෙනි.
එබැවින් අනතුරකින් අධිවේගයේ ආරක්ෂිත වැටේ එක් යකඩ බාර් එකක් අලාභානි වූයේ නම් ගෙවිය යුතු මුදල දෙලක්ෂ පනස්දාහක් පමණ වේ.
එලෙස සිදුවූ ඇතැම් අනතුරු වලදී රියදුරන්ට ගෙවීමට සිදුවූ මුදල රු ලක්ෂ 5කට අධිකය.
අනතුරු වලට අතවනන හේතු පවතින්නේද අධිවේගී මාර්ගය තුලමය. ඒ මාර්ගයේ රැලි සහිත ප්‍රදේශ තිබීම හා වර්ෂා කාලයේදී අධික ලෙස ජලය එකතු වන ප්‍රදේශ තිබීම නිසාය.
කෙසේ වෙතත් මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ටී. කේ. රණතුංග මහතාගෙන් විමසූ විට ඔහු ලබාදී ඇති පිළිතුරු හාස්‍යජනකය
ප්‍රශ්නය: ලෝකයේ දියුණු සෑම රටකම ඇති අධිවේගී මාර්ග සහ මාර්ගයේ සවිකර ඇති සියලුම උපකරණ ඇතුළු දේපළ රක්‍ෂණ සමාගම්වල පූර්ණ රක්‍ෂණයකට ලක්‌කර තිබෙනවා. දක්‍ෂිණ අධිවේගී මාර්ගය රක්‍ෂණය කර තියෙනවාද?
පිළිතුර: නැහැ. අනතුරකදී අනතුර සිදුවූ ප්‍රදේශය අයත් පොලිසිය වෙත අනතුරට පත් වාහනය ඉදිරිපත් කර මාර්ගයට සහ මාර්ගයට සවිකර ඇති උපකරණවලට හෝ දේපළ වලට සිදුවූ අලාභය අයකරගෙන අදාළ වාහනය නිදහස් කරන ලෙසට පොලිසියට උපදෙස් දී තිබෙනවා. මොනම හේතුවක් නිසාවත් අලාභ නොගෙවා වාහනය නිදහස් කරන්නේ නැහැ.
මාර්ගයට හෝ දේපළවලට සිදුවූ හානිය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයකරන මුදලට රිසිට් පතක් නිකුත් කරනවා. වාහන හිමියාට තම වාහනය රක්‍ෂණය කර ඇති රක්‍ෂණ ආයතනයෙන් එම මුදල අයකර ගැනීමට පූර්ණ රක්‍ෂණයක් යටතේ හිමිකම් තියෙනවා.
ප්‍රශ්නය: අනතුරකදී අධිවේගී මාර්ගයට හානිවන දේපළ වෙනුවෙන් වාහන හිමියාගෙන් වන්දි අයකර ගැනීමට චක්‍ර ලේඛයක් මගින් ඔබට බලය ලැබී තියෙනවාද?
පිළිතුර : නැහැ.
ප්‍රශ්නය : අධිවේගී මාර්ගය තුළ වාහන ධාවනයේදී අනතුරකට ලක්‌වී අධිවේගී මාර්ගයේ හානිවන දේපළ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වාහන හිමියන්ගෙන් වන්දි ලබාගැනීමේ වැඩපිළිවෙල නීති විරෝධී, අත්තනෝමතික ක්‍රියාවක් ලෙස අප යෝජනා කරනවා.
පිළිතුර : වාහන හිමියාගෙන් අලාභය අයකර ගන්නවා හැර වෙනත් විකල්ප වැඩ පිළිවෙලක් නැහැ.
ප්‍රශ්නය: පොලිස්‌පති චක්‍රලේඛ අංක 1462/99 සහ රථවාහන චක්‍රලේඛ අංක 94/99 යටතේ "හදිසි අනතුරුවලට සම්බන්ධ වූ මෝටර් වාහන පරීක්‍ෂා කර බැලීම සහ පරීක්‍ෂණ වලට භාජනය කොට පැය 24 ක කාලයක් තුළ නිදහස් කළ යුතුයි" යන්න චක්‍ර ලේඛයක් තිබියදී අධිවේගී මාර්ගයේ අනතුරුවලට ලක්‌වන වාහන බලෙන් රඳවාගෙන අධිවේගී මාර්ගයට සිදුවූ හානිය ගෙවීමෙන් අනතුරුව මුදා හරින ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පොලිසිය වෙත සිදුකර ඇති නියෝගය නීති විරෝධී බල රහිත නියෝගයක් නොවේද?
පිළිතුර : වෙන්න පුළුවන්. අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී සිදුවන අනතුරුවලින් මාර්ගයට සිදුවන හානිය වාහන හිමියාගෙන් අයකර ගන්නවා හැර වෙනත් විකල්පයක් අපට නැහැ.
ප්‍රශ්නය: ඔබ පවසන ආකාරයට අනතුරකදී වාහනයේ සිටි අයගෙන් අයෙක් හෝ දෙදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වී තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූ අවස්‌ථාවක විපතට පත්වූ අයගෙන් මාර්ගය සඳහාද ඒ මොහොතේම වන්දි මුදල් අයකර ගැනීම අමානුෂික හා අසාධාරණ බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර : වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් වාහන හිමියාගෙන් මුදල් අයකර ගන්නවා හැර වෙනත් විකල්පයක් අපට නැහැ. ඒ සඳහා විකල්පයක් ඇත්නම් ඔබට යෝජනා කරන ලෙස ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නය: ඔබ වගේ වගකිවයුතු නිලයක් දරන නිලධාරියෙක් මාධ්‍යවේදියෙකුගෙන් ඔවැනි ප්‍රශ්නයකට විකල්ප යෝජනා විමසන්නේ නැතිව මාර්ග සංවර්ධන ඇමැති වැනි වගකිවයුත්තෙක් වෙත ප්‍රශ්නය යොමුකර සාධාරණ පියවරක් ගැනීම නේද කළ යුත්තේ.
පිළිතුර : මා ඒ පිළිබඳව ඉදිරියේදී පියවරක් ගන්නවා.
ප්‍රශ්නය: මාර්ගයේ සවිකර ඇති වේග සීමා පුවරුවකට හානි සිදුවුවහොත් රුපියල් 16000 ක් අය කිරීමටත් කිලෝ මීටර් ගණන සඳහන් පුවරුවකට හානි සිදුවුවහොත් රුපියල් 35000 ක මුදලක්‌ද, මාර්ගය දෙපස ඇති ආරක්‍ෂක වැටට සුළු හෝ හානියක් සිදු වුවහොත් රුපියල් 85000 ක මුදලක් (එම පීල්ලම සඳහා) වශයෙන් අලාභ අයකරන බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර : ඔව්. ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනතුර සිදුකරන ලද වාහන හිමියාගෙන් අයකරනවා.
ප්‍රශ්නය: මෙම මාර්ගයේ දෙපස සවිකර ඇති ආරක්‍ෂිත ගැල්වනයිස් වැටට අනතුරකදී ඉතා සුළු තැලීමක් සිදුවූවත් එම පීල්ලම සඳහා වන රුපියල් 85000 ක මුදල වාහන හිමියාගෙන් අයකර ගත්තත් එම පීල්ලට අලුත් පීල්ලක් සවිනොකර ඇති තැන් බොහෝ තියෙනවා. එය ඔබ පිළිගන්නවාද?
පිළිතුර : වෙන්න පුළුවන්. ආරක්‍ෂිත වැටකට හානි සිදුවූ සැනින් එම පීල්ලට අලුත් පීල්ලක් සවිකිරීමට හැකියාව නෑ. ඇතැම් විට මාසයක් දෙකක් ගතවෙන්න පුළුවන්.
ප්‍රශ්නය: අලාභයක් සිදුවූ සැනින් අලාභය අයකරන ඔබලා ආරක්‍ෂිත වැටේ පීල්ල සවිකරන්න මාසයක් දෙකක් ගතවෙනවා කීම විහිළුවක් නොවේද?
පිළිතුර : දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නිතරම වාහන ධාවනය කරනවා. අනතුරක් සිදුවූ සැනින් එය යථා තත්ත්වයට පත්කරන්න බැහැ.
ප්‍රශ්නය: මාර්ගයේ ඇතැම් තැන්වල ආරක්‍ෂිත ගැල්වනයිස් වැට අවසන් කොට ඇති තැන උල් හැඩයෙන් යුතු තහඩුවක් තියෙනවා. මෙම මාර්ගයේ සිදුවී ඇති අනතුරු කිහිපයකින් පුද්ගලයන් මියගොස් ඇත්තේ වාහනය ලිස්‌සා ගොස් එම උල් තහඩුව වාහනය තුළට කඩාගෙන ඇවිත් වාහනය පොඩි පට්‌ටම් වීම නිසයි.
පිළිතුර : ඒක මම පිළිගන්නවා. ඉදිරියේදී කඩතොලු ඇති එවන් ස්‌ථාන ආරක්‍ෂිත වැටටම සම්බන්ධ කිරීමට පියවර ගන්නවා.
ප්‍රශ්නය: මාර්ගයේ ස්‌ථාන කිහිපයක මායිම් දැල් වැට සොරුන් විසින් කපාගෙන යැම නිසා එම තැන්වලින් මාර්ගය තුළට සුනඛයින්, වල් ඌරන් ඇතුළු වීම නිසා මාරක අනතුරු රැසක් සිදුවී ඇති බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර: ඔව්. මාර්ගය ආරක්‍ෂා කිරීම පොලිසිය සතු කාර්යයක්. පැය 24 පුරාම පොලිසිය විසින් ආරක්‍ෂක සේවාවක් ක්‍රියාත්මක කරනවා. එසේ තිබියදී මායිම් වැට කපාගෙන යැම ප්‍රශ්නයක්.
ප්‍රශ්නය: වැලිපැන්න සිට කුරුඳුගහහැතැප්ම 68 කිලෝ මීටරය දක්‌වා වැසි දිනවලදී රිය අනතුරු බහුලව සිදුවී ඇති බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර: ඔව්. ඒ ගැන සොයා බලා පියවර ගන්නවා.
ප්‍රශ්නය: එම කිලෝ මීටර් අතර මාර්ගය ප්‍රමිතියකින් තොරව සකස් කිරීම නිසා මාර්ගයේ තැන්තැන්වල වැසි ජලය පිරී තිබීම නිසා පසුගිය මාසයේ රිය අනතුරු රැසක් සිදුවී ඇති බව ඔබ පිළිගන්නවාද?
පිළිතුර: ඒක මට හරියටම කියන්න බැහැ. ඒ ප්‍රදේශයේ මාර්ගයේ වැසි ජලය පිරී පවතින බව පිළිගන්නවා.
ප්‍රශ්නය: ඒ සඳහා විකල්පයක් නැද්ද? මාර්ගයේ වැසි ජලය පිරී තිබීම නිසා වාහන ලිස්‌සා ගොස් මාර්ග අනතුරු රැසක් සිදුව තියෙනවා.
පිළිතුර: ඔව්. ඒ ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.
-http://www.gossipbook.lk/-
Comments
Post a Comment