ශ්‍රී ලංකාවේ හිටපු ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ වර්තමාන
නියෝජ්‍ය ඇමතිවරයෙක් වන පුද්ගලයෙකුගෙන් තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන
ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා
ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇත.
මෙසේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත්, එයින් පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න නැමැති අයෙකි.
මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම පැමිණිල්ලේදී පවසා ඇත්තේ, තම බිරිඳ වන ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙම ඇමතිවරයා සමඟ අනියම් සබදතාවයක් පවත්වන බවයි.
2014 වසරේ පෙබරවාරි මස 14 ‘වැලන්ටයින්’ දින රධීෂා හා xxx xxxxx සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා xxx xxxxx ලන්ඩනයට ගිය අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි ‘City Grange’ හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා සතුව ඇති බව කේ.ඩී. වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා ඇත.
තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King’s court’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ xxx xxxxx අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. මෙම xxx xxxxx ය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.
xxx xxxxx ගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ xxx xxxxx ගෙව් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, xxx xxxxx ‘විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු’ බවයි. ඇයට xxx xxxxx වෛහාක වරදක් වන ‘අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට’ (Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ xxx xxxxx ගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප්රකාශිතව දක්වා තිබේ.
මෙසේ xxx xxxxx විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග xxx xxxxx වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය අමාත්‍ය xxx xxxxx ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත.
නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත.
මෙම පොලිස් පැමිණිල්ලට xxx xxxxx නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. xxx xxxxx ගේ විධානය එපරිදිම ක්‍රියාත්මක වී ඇත.
xxx xxxxx ගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් xxx xxxxx ගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.
ඇය එහිදී පවසා ඇත්තේ xxx xxxxx හා තමා අතර, තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙසයි.
-http://gossip.asianmirror.lk-

Comments
Post a Comment