රෝහිත රාජපක්ෂ කොළඹ සරසවියේ ආචාර්ය උපාධිය හදාරයි GoZZip Lanka


විද්‍යා සඟරා වලට ලිපිත් ලියයි

සවුතැම්ප්ටන් සරසවියෙන් අභ්‍යවකාශ ඉංජිනේරු උපාධිය ලබාගත් රෝහිත රාජපක්‍ෂ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්‍රමෝපාය විශ්ලේෂණයක යෙදී සිටින බව වාර්තාවේ.

ඒ පිළිබඳව ඔහු ඉන්දියානු සඟරාවක්‌ වන විද්‍යා හා තාක්‌ෂණ සඟරාවක් වන Journal of science and Technology වෙත ලිපියක් ද ලියා තිබේ.

එහි මාතෘකාව වන්නේ Space Debries Removal Strategies and their Feasibility යන්නයි. එය පසුගිය ජූලි කලාපයේ පලවී තිබෙන අතර එම ලිපිය බැලීමට මෙතනින්.

ඊට අමතරව ඔහු ලංකාවේ අනාගත ශක්ති පරිභෝජනය පිළිබඳව ලිපියක් International Journal of Energy and Statistics සඟරාවටද ලියා තිබේ. එම ලිපියට මෙතනින්.

පසුගියදා චයිනා ස්‌පේස්‌ ගගනගාමී අධ්‍යයන සහතිකය ලබාගත් චන්දන රෝහිත රාජපක්ෂ මේ වනවිට කොළඹ සරසවියේ ගණිත අංශයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. rohithar@fos.sci.cmb.ac.lk යන නමින් කොළඹ විශ්වවිද්‍යාලය යටතේ විද්‍යුත් ලිපිනයක්ද ඔහු සතුය

ඉහත සඟරා දෙකටම ඔහු එම ලිපි ලියා ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය ජගත්.කේ විජේරත්න මහතා සමඟ එක්වීමෙනි.

රෝහිත රාජපක්‍ෂ සුප්රිම්සැට්‌ සමාගමෙහි ප්‍රධාන තාක්‌ෂණික අධ්‍යක්‍ෂවරයා වන අතර කෙටි කලකින් මහත් ප්‍රතිඵල ලැබෙන බව පවසා තේමා ගීතයක්ද සකසා යැවූ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට වුන දෙයක් අද වනවිට සොයාගත නොහැක.

වෘත්තීමය ගගනගාමියෙකු වීම සඳහා ඉදිරියටම කටයුතු කරමින් සිටින බව පැවසේ. මේ සඳහා ඔහුට මූලික පුහුණුව ලබාදී ඇත්තේ චීනයේ බෙයිජිං නුවර චීන ගගනාවකාශ විද්‍යා හා තාක්‌ෂණ ආයතනය (China Aerospace Science & Technology Corporation - CAST) විසිනි.
-http://www.gossipbook.lk-


Comments