වයස අවුරුදු 07 ක් වන බාල වයස්කාර දැරියකට
ලිංගික අතවර සිදු කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව
දංකොටුව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව –
තාමරක්කුලිය ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු ලෙස සේවය කරමින්
සිටි අයෙකු වේ. ඔහු අතවරයට පත්ව ඇති බව කියන දැරිවියගේ මවගේ අනියම් ස්වාමි
පුරුෂයා බව පොලීසිය පැවසී ය.
උළු කර්මාන්ත ශාලාවක භූමියේ පිහිටා ඇති කම්කරු
නිවසකදී බාල වයස්කාර දැරිවියකට ලිංගික අතවර සිදු වන බවට පොලිස් හදිසි
ඇමතුම් අංශයට (119) ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු විසින් කාලයක් තිස්සේ මෙම අපරාධය සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන්
පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පැවසී ය.
දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
Comments
Post a Comment