බිරිඳ ලිංගික ඇරයුම් ප්‍රතික්ෂේප කිරීම ගැන වාර්තාවක් සැකසු සැමියෙක් - Gozzip Lanka

ලිංගිකව එක්වීම සඳහා සැමියෙකු විසින් දිනපතා කරනලද ඇරයුම් බිරිඳ විසින් ප්‍රතික්ෂේප කිරීම වාර්තාවකට නැගු සැමියෙකු පිලිබඳ පුවතක් විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ. 

ජුනි 3 සිට ජුලි 16 දින දක්වා කාලසීමාව තුළ තම බිරිඳ සමග ගත කල ලිංගික ජීවිතය මෙම වාර්තාව මගින් දක්වා ඇති අතර ඊට අනුව දවස් 30ක් ඇතුළත ඔවුන් දෙදෙනා ලිංගිකව එක්වී ඇත්තේ අවස්ථා 3කදී පමණි.

අවස්ථා 27ක් බිරිඳ විසින් විවිධ හේතු කියමින් මගහැර ගොස් ඇති අතර එම හේතු අතර දහඩියයි, නිදිමතයි, අද බැහැ, මහන්සියි, කෑම කෑවා වැඩියි, සනීප නැහැ ආදී වාචික හේතු මෙන්ම වාචික නොවන මගහැරීම්ද සිදුවූ බව වාර්තාවෙන් දැක්වේ. 


මෙම වාර්තාව බිරිඳට ලැබීමෙන් අනතුරුව ඇය එය රෙඩිට් සමාජ ජාලයට එක්කොට ඇති අතර ඇය පවසා ඇත්තේ තමා දින 10 ක රාජකාරි ගමනක් යන අවස්ථාවේදී දමියා විසින් තමාගේ රාජකාරි ඊමේල් ලිපිනයට මෙම වාර්තාව එවමින් "ඇය නැතුව තමාට පාළුවක් නොදැනෙනු ඇති බව" දැන්වූ වගය. එම පණිවුඩයත් සමග ඔවුන්ගේ යුග දිවියද අවසන් වී ඇත. 

 සැමියා විසින් සැකසු වාර්තාව බලන්න පහතින්


exel

Comments