රෙබෙකාගේ පාදයක් හිරු ගොසිප් කපා දමයි Gozzip Lanka


වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තබා ජනප්‍රියත්වයට පත් රෙබෙකා නිර්මලී මේවන විට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතවී ඇති බව වාර්තා වේ.

රෙබෙකා නිර්මලී පිළිකා රෝගයෙන් පීඩා වින්දත් එය මාධ්‍යය විසින් හෙළිකොට ඇය අපහසුතාවයට පත්නොකිරීමට බොහෝ මාධ්‍යය වගබලාගත් අතර මෑත කාලයේ ඇතැම් මාධ්‍යය විසින් රෙබෙකා හට වැළඳී තිබූ රෝගී තත්වයත් කුණු රස දන්වමින් වාර්තා කිරීමට උත්සාහ ගෙන තිබුණි.

ABC මාධ්‍යය ජාලය විසින් පවත්වාගෙන යන හිරු ගොසිප් වෙබ් අඩවිය විසින් කිසිදු තොරතුරක් විමසා නොබලා රෙබෙකා නිර්මලී අසනීපයෙන් පසුවන බවත් ඇයගේ පාදයක් ඉවත්කොට ඇති බවත් පලකොට තිබුණි.

එම අසත්‍යය පුවත පළවූ වහාම රෙබෙකාගේ පවුලේ උදවිය විසින් අදාළ මාධ්‍යය ඒ සම්බන්ධයෙන් දැනුවත් කලත් මේවනතුරුත් එම පුවත නිවැරදි කොට හෝ සමාව ඉල්ලා නොමැත.

රෙබෙකා නිර්මලී මේ වනවිට මහරගම පිළිකා රෝහලේ 07 වන වාට්ටුවේ වෛද්‍ය බලවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ වැඩි දුර ප‍්‍රථිකාර ලබන අතර ඇයගේ පාදයක ලේ කැටියක් ඇති වීමෙන් යම් තත්ත්වයක් ඇතිව තිබූ අතර මේ වනවිට ඇය ගේ පාදය සුවපත් ව ඇතිබව අප වෙත වාර්තා වේ.
-http://www.gossipbook.lk/-

Comments