මෙම වසරේ මෙතෙක් වැඩිම ප්‍රමාණයක් නරඹා ඇති පූර්ව ප්රචාරක පටය බවට වාර්තා වන්නේ පසුගියදා නිකුත් කළ ‘ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ’ චිත්‍රපටයේ පුර්ව ප්රචාරක පටයයි.
මෙම පුර්ව ප්රචාරක පටය නිකුත් වී සතියක් තුල යූටියුබ් වෙබ් අඩවිය හරහා මිලියන 36 වතාවක් නරඹා ඇත.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ ‘ටීනේජ් මියුටන්ට් නින්ජා ටටල්ස්’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයයි. එය නරඹා තිබූ වාර ගණන මිලියන 31ක් වෙයි.
ඊ.එල් ජේම්ස් විසින් රචිත ‘ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ’ ග්රන්ථ මාලාව ලොව පුරා පිටපත් මිලියන 100 පමණ අලෙවි වූ අතර එය භාෂා 52ට පරිවර්තනය වී තිබේ.
සෑම් ටේලර් ජොන්සන් විසින් අධ්යක්ෂිත ජේමි ඩෝනන් සහ ඩකෝටා ජොන්සන් රඟන මෙම චිත්‍රපටය ලබන වසරේ පෙම්වතුන්ගේ දිනයේදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.
එම පූර්ව ප්රචාරක පටය පහතින් නරඹන්න
Comments
Post a Comment