
යුටියුබ් වෙත නිර්මාණාත්මක වීඩියෝ එක්කරන අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත් ජෙහාන් රණතුංග විසින් සිය පෙම්වතියට සිදුකල විවාහ යෝජනාව මේවනවිට අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත.
විදෙස් පුවත් වෙබ් අඩවි පවා ජෙහාන්ගේ මෙම අපූරු වීඩියෝව පිලිබඳ පුවත් පලකොට තිබුණි. ජෙහාන්ගේ පෙම්වතිය කැමති සියලු චරිත එකතුකොට ජෙහාන් විසින් ඔහුගේ පෙම්වතිය "විශ්" පුදුම කිරීමේ මෙම යෝජනාව ඉදිරිපත්කොට තිබුණි.
ජෙහාන්ගේ පෙම්වතියගේ කැමතිම චරිත වන මයිකල් ජැක්සන්, විල් ස්මිත්, රාජිනි කාන්ත්, බියෝන්සේ, මිකී මවුස් එකතුකොට ඔහු විසින් නර්තනයක් සූදානම්කොට තිබුණි.
එම නර්තනය ජෙහාන් විසින් ඉදිරිපත්කොට තිබුනේ ඇයගේ කැමතිම මිකී මවුස් වෙස් ගෙනය.
එම නර්තනය අවසානයේ ජෙහාන් "මිකී මවුස්" ඔළුව ගලවා පෙම්වතියට විවාහ යෝජනාව සිදුකරනු ලැබීය.

ඇය ජෙහාන් ගේ යෝජනාවට කැමැත්ත පලකල බව ජෙහාන් දැන්වූයේ මෙලෙසිනි
එම වීඩියෝව බලන්න පහතින්
Comments
Post a Comment