විභාග ප්‍රශ්න පත්‍රයක උසම ‘නිළිය’ ගැන අහලා (video) Gossip Lanka 9

ඉන්දියාවේ අමාත්‍යංශ සහ රජයේ දෙපාර්තමේන්තු සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් පැවැත්වූ විභාග ප්‍රශ්න පත්‍රයක සඳහන් වූ අපූරු ප්‍රශ්නයක් පිළිබඳව ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. එම ප්‍රශ්නය වන්නේ, ‘මේ අතරින් උසින් වැඩි ම නිළිය කවුද?’ යන්න ය.

ඒ සඳහා දී තිබූ පිළිතුරු 4 වූයේ, හ්‍යුමා කුරේෂි, කට්‍රිනා කායිෆ්, දීපිකා පාදුකෝන් සහ ප්‍රීටි සින්ටා ය.
මෙම ප්‍රශ්නය පිළිබඳව රජයේ සේවකයින්ගේ පමණක් නොව සමාන්‍ය වැසියන්ගේ ද විරෝධය පළ වී තිබේ.
ඔවුන් ප්‍රශ්න කළේ, රජයේ බඳවා ගැනීම් සඳහා පැවැත්වෙන වැදගත් විභාගයකට මෙවැනි ප්‍රශ්න සුදුසු ද යනුවෙනි.
මෙය උපාධිධාරීන්ට කළ නින්දාවක් බව ද ඔවුහු පවසති.
මේ අතර, රජයේ සේවක බඳවා ගැනීම් කොමිසමේ සභාපති ඒ බට්ටාචාර්ය මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.
මෙම ප්‍රශ්න පත්‍රය සිය කොමිසම විසින් සකස් කරනු නොලැබූ බව ත්, පිටස්තර විශේෂඥයින් කණ්ඩායමක් එය සකස් කළ බව ත් ඔහු පවසා ඇත.
-http://gossip.asianmirror.lk-

ssc-exam-paper-360 

Comments