ඒ වගේම තමයි ‘Aashiqui’ පළමුවන චිත්‍රපටයෙ නිළියත්. ඇය නමින් ‘අනූ අගර්වාල්’. ඇයගේ පළමුවන චිත්‍රපටය වුනෙත් ‘Aashiqui’ චිත්‍රපටය. එයින් ඇය එකල ලැබූ ජනප්‍රියත්වය උවමනාවටත් වැඩි උනා. ඒත් ඇයගේ කතාව ශ්රද්ධගේ කතාව තරම් සුභදායක නැහැ.
1969 ජනවාරි 11 වැනිදා දිල්ලියේදී ඉපදුන අනූ, දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සමාජවිද්‍යාවට උපාධියකුත් හිමිකර ගත්තා. ඉන්පසුව මෝස්තර නිරූපන ශිල්පිනියක ලෙස කටයුතු කල ඈ පසුව සිනමා ආගමනය සිදුවුනේ ‘Aashiqui චිත්‍රපටයෙන්. එම චිත්‍රපටය නොසිතූ ආකාරයෙන් ජනප්‍රිය වූ අතර එහි ගීතද අදටත් ජනප්‍රියයි.
නමුත් මේ සියල්ල උඩු යටිකුරු වුනේ 1999 වසරේදී ඇයට මුහුණ පෑමට සිදුවූ මාරක රිය අනතුරත් සමගින්. එයින් දින 29 ක් කෝමා තත්ත්වයේ පසුවූ ඇය පසුව අර්ධ අංශභාග රෝගී තත්ත්වයට පත්වුනා. අවිවාහක අනූ අගර්වාල් ඉන් අනතුරුව ක්‍රමයෙන් සුව අතට හැරුනත් ඉන් පසුව කවදාවත් හින්දි සිනමාවෙ දකින්නට ලැබුනේ නැහැ.
Comments
Post a Comment