හැරී පොටර් නළුවෙකුගේ මළසිරුර කඳුකරයේ උද්‍යානයක(video) Gossip Lanka 9


හැරී පොටර් චිත්‍රපට මාලාවේ රගපෑ නළුවෙක් වන ඩේව් ලෙග්නෝ ගේ මළ සිරුර කදුකර වන උද්‍යානයක තිබී සොයාගැනෙයි.
50 හැවිරිදි ඔහු වනෝද්‍යානයේ සංචාරය කරන අතරතුර දී හෘදයාබාධයකින් මියයන්නට ඇති බව විදෙස් වාර්තා අනුමාන කරයි.

කැලිෆෝනියාවේ ඩේත් වැලි ජාතික උද්‍යානයේ තිබු මෙම මළ සිරුර .තවත් කදු නගින්නන් පිරිසකට හමුවී ඇති අතර පසුව හෙළිකොප්ටරයක් යොදා ගනිමින් එම සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා රැගෙන විත් තිබේ.
ලන්ඩනයේ ඉපදුන ලෙග්නෝ වෘත්තියෙන් බොක්සිං ක්‍රීඩකයෙක් වන අතර සටන් කලා විශේෂඥයෙකු ද වෙයි.
පසුව හැරී පොටර් කථා මාලාවට සම්බන්ධ වු ඔහු එහි රගපෑ අතර ඊට පසුව තවත් නිර්මාණ රැසකට දායක වී තිබේ.

Comments