ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය උදෙසා නව තාක්ෂනය භාවිතා කිරීම කෙරෙහි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල්පුටුවල සූදානමක් ඇති වාර්තා වේ.
ඒ අනුව මීලඟ ජනපතිවරණය උදෙසා භාවිතා කිරිමට යන්නේ එසේ මෙසේ තාක්ෂණයක් නොව ලංකාවට තවමත් ආගන්තුක වූ "Hologram" තාක්ෂනය වේ.
මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන පුද්ගලයෙකුගේ වුවද ත්‍රිමාන රුවක් සජීවීව වේදිකාවේ මැවිය හැකි වේ. මෙය වඩාත් ප්‍රචලිත වූයේ අවසන් වරට පැවැත්වූ බිල්බෝර්ඩ්ස් අවොර්ඩ්ස් හිදී මයිකල් ජැක්සන් සජීවීව ගායනා කල "Slave to the Rhythm" ගීතයත් සමගින්ය. ‘
"එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ලෙසද මේ නිසා හැඳින්වෙන හොලෝග්‍රෑම් ආලෝකය ට සංවේදී හෙවත් ප්‍රකාශ සංවේදී මාධ්‍යයක් මත විකසනය කරනු ලබන ඡායාරූපයකි. එහෙත් එය සජීවී ය. අවශ්‍ය ස්ථානයේ දී ප්‍රතිබිම්බය නිර්මාණය වේ.
එම ප්‍රතිබිම්බය ‘හොලෝග්‍රාෆ්’ ලෙසද හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිබිම්බයේ ඇඳුම්, කටහඬ වෙනස් කල හැක. රාජ්‍යය නායකයන් තමාට සහභාගී විය නොහැකි දේශනා සඳහා මෙම තාක්ෂනය ඔස්සේ සජීවීව ඇමතීම සිදුකරනු ලැබේ.
ඉන්දීය අගමැති මෝදී විසින් ඔහුගේ ජන්ද ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේද මෙම තාක්ෂනය හරහාය. ඒ අනුව රැලි සියයකට පවා එකවර සහභාගී වීමේ හැකියාක් මෝදිට තිබුණි.
මෝදී එම තාක්ෂනය උපයෝගිකොටගෙන පැවැත්වූ දේශනයක් පහතින් බලන්න
මයිකල් ජැක්සන් බිල්බෝර්ඩ්ස් හි එම තාක්ෂනය ඇසුරින් සජීවීව රංගනයක නිරතවූ අයුරු.
This comment has been removed by a blog administrator.
ReplyDelete