මුහුදු වෙරළේදී පැහැර ගත් පාසැල් සිසුවියන් දෙදෙනා ලැගුම්හලකදී රාත්‍රීය පුරා දූෂණය කරයි - Gozzip Lanka
උතුරු කළුතර මුහුදු වෙරළේදී 14 හැවරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු පැහැරගෙන ලැගුම්හලකට ගෙනගොස් පෙරේදා (26දා) රාත්‍රිය පුරා දූෂණය කළ බව කියන තරුණයන් පස්දෙනෙකු පිළිබදව පුළුල් පරීක්ෂණ පවත්වල ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා උතුරු කළුතර පොලීසියට නියෝග කළේය, උතුරු කළුතර ආබෟ පාරේ පදිංචි පිරිසක් මෙම දැරියන් දෙදෙනා උතුරු කළුතර පොලීසියට භාරදීමෙන් පසුව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළ බව උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රශාන්ද සිල්වා මහතා අධිකරණයට වාර්තා කර තිබිණි, පාසල් යන බව පවසා නිවැසින් පැමිණ ඇති මෙම සිසුවියන් හොරණ නගරයේදී පාසල් නිල ඇදුම් ගලවා සාමාන්‍ය ඇදුම් ඇදගෙන විනෝද චාරිකාවක යෙදී ඇති බවත් ආපසු පැමිණ බලන විට පාසල් ඇදුම් සගවා තැබු තැන එවා නොතිබුණ නිසා නිවෙස්වලට නොගොස් පානදුර නගරයට ගොස් ඇති බවත් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙයි, පානදුර මුහුදු වෙරළට ගොස් ඇති සිසුවියන් එහි සිටි මුරකරුවන්ගේ ආරක්ෂාව යටතේ වෙරළේ රාත්‍රිය ගතකර ඇති බව පොලීසිය ප්‍රකාශකර ඇත, පසුව 26 වැනිදා සවස උතුරු කළුතර මුහුදු වෙරළට පැමිණ සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති තරුණයන් පස්දෙනෙකු බලහත්කාරයෙන් ඔවුන්ව ලැගුම්හලකට ගෙනගොස් දූෂණ්‍ය කර ඇතැයි උතුරු කළුතර පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ, මෙම අපරාධය සම්බන්ධයෙන් දුරකථන කිහිපයක් පිළිබදව හා දැරියන්ව ගෙනගිය ලැගුම්හල පිළිබදව පරීක්ෂණ පවත්වන බව පොලිස් කොස්තාපල් රොෂාන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය
Comments
Post a Comment