පසුගියදා දෙරණ වාදපිටිය වැඩසටහනේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමග ගුටි හුවමාරුවක නිරතවූ වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර ඊයේ දිනයේ නැවතත් දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 දේශපාලන වැඩසටහනට සහභාගී වී තිබුණි.
එහිදී එම ගැටුම පිලිබඳ දයාසිරි ජයසේකර අදහස් දැක්වුවේ ඉතා කලකිරීමෙනි.
සිය දියණිය එම ගැටුම පිලිබඳ විමසු අවස්ථාව පිලිබඳ දිල්කා වෙත පැහැදිලි කරන අවස්ථාවේ දයාසිරිගේ දෑසට කඳුළු පිරි තිබුණි. දයාසිරි ජයසේකර තම පවුලේ උදවිය එම ගැටුමට ප්‍රතිචාර දැක්වූ අයුරු හෙලිකල අන්දම බලන්න පහතින්.
"ගෙදර ප්‍රතිචාර හොඳයි ඉතින්...මගේ අයියා පොඩ්ඩක් කතා කරලා කෑ ගැහුවා ඉතින්...එහෙම ඒවා තියෙනවා...දරුවෝ විශේෂයෙන්..මගේ දියණියගෙන් තව දරුවෙක් අහලා තිබුනා "තාත්තා කාගේ හරි කන හපලද කියලා.."ඉතින් මට ඒකට උත්තරයක් දෙන්න බැරුව ගියා...දැන් එකයි දිල්කා ඇත්තටම මම මේකේ තියෙන කල්පනා කරේ සීරියස්නස් එක..මේකේ තියෙන Gravity එක..ඒවා තමයි අපි බලන්නේ.."
-http://www.gossipbook.lk-
Comments
Post a Comment