ඇමති අමුණුගම එක්ක සම්බන්ධයක් ඇති බව ගීතා පිළිගනී Gossip Lanka 9


ඇමති සරත් අමුණුගම සමඟ පවතින බව කියන සම්බන්ධයක් ගැන දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ අදහස් දක්වමින් සරත් අමුණුගම ඇමතිතුමා හා ඇය අතර ඉතා කුළුපග මිත‍්‍රත්තවයක් ඇති බව පිළිගෙන ඇත.

ගීතා වැඩි දුරටත් පවසා ඇත්තෙ ඇමති අමුණුගම සහ තමා සම්බන්ධ කරමින් සමාජයේ විවිධ කතා නිර්මාණය වී ඇති බවත් දෙදෙනෙක් සම්බන්ධ වෙන්නේ එකට බුදියගන්න කියා සමාජය හිතන එක ගැන ඇත්තටම කණගාටුවක් ඇති බවත්ය. ඒ අනුව ඇය පෙන්වා දී ඇත්තේ ඇමති අමුණුගම සහ තමා ඉතා හොඳ යහළුවන් බවයි. ඇමති අමුණුගම ප‍්‍රංශයේ හිටි කාලයේදී මෙම මිත‍්‍රත්තවය ඇති වුවක් බව ඇය පවසයි.
තවද මෙම කටකතාවලට එජාපයේ අය වගකිවයුතු බවද තමාට සහ ඇමති අමුණුගමට මඩ ගැහුවේ දේශපාලන අරමුණු නිසා බවද පවසයි. ඒ වගේම ඇමති අමුණුගම සිය ඡන්ද වැඩවලට බොහෝ සෙයින් උදවු කළ බවද ගීතා කුමාරසිංහ විසින් පිළිගෙන තිබේ.

Comments