සුපිරි හින්දි නිළියක් කොටට ඇදපු රූප බස්වල පිටුපස අලවලා පස්සෙන් එන රියැදුරා ඕක දිහා බලන් ඇවිත් හප්පනවා Gossip Lanka 9
ඉන්දියාවේ සුපිරි නිළියන් කොටට ඇදලා ඉන්න රූප පෞද්ගලික බස්වල පිටුපස අලවලා තිබෙනවා, පිටුපස්සෙන් එන රියැදුරු මහත්මයා ඕක දිහා බල බලා තමයි රිය පදවන්නේ, ඒ බස් එක බ්රේක් කළාට ඒක දකින්නේ නෑ, ගිහිල්ලා පිටුපස්සෙන් බස් එකේ හප්පලා අනතුරක් කරනවා යැයි පොලිස් මූලස්ථානයේ රථවාහන අංශයේ දේශක උප පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා පැවසීය,
ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ දිවයිනේ ප්‍රසිද්ධ බස් සමාගමක් වන සී/ස ඩී. එස් ගුණසේකර සහ සමාගමේ රියැදුරන්ට මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් අනුරාධපුර කොටේජ් හෝටලයේ පැවති සාකච්චාවක සහභාගි වෙමින්ය, උප පොලිස් පරීක්ෂකවරයා මෙසේද කීය, පෞද්ගලික බස් රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් 2013දී පමණක් පුද්ගලයන් 250 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා, එමෙන්ම මේ වසරේ ජුනි 20 වැනිදා වන විට පෞද්ගලික බස් රියැදුරන් අතින් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාෙවන් මියගොස් ඇත්තේ 56 දෙනකු පමණයි, මෙම අනතුරු කොටස් දෙකකට බෙදිය හැකියි ඉන් එකක් මානුෂික වැරැදිවලින් වූ රිය අනතුරු, ඒවාට සියයට 85ක් සිදුවනවා, අනිත් එක තමයි යාන්ත්‍රික දෝෂ රිය අනතුරු මේවා සිදුවන්නේ සියයට 15යි, රථවාහන අතුරින් වැඩියෙන්ම මාර්ගයේ ධාවනය වන්නේ යතුරුපැදි, ඒ සංඛ්‍යාව ලක්ෂ 27ක්, 2012 වන විට දිනකට අනිවාර්යයෙන්ම රිය අනතුරු 112ක් සිදුවනවා, එම අනතුරු 112ට භාජනය වන්නන්ගෙන් හත්දෙනෙකු අනිවාර්යයෙන්ම නැවත ගෙදර යන්නේ නැහැ, ඔවුන් මිය යනවා, 55දෙනෙකු බරපතල තුවාල ලබනවා, දේපළ හානි 50ක් සිදුවෙනවා, සිදුවන අලාභය බිලියන 25ක් පමණ වෙනවා, නැවතත් මෝටර් රථ අමතර කොටස් ගෙන්වීම සදහා අපගේ මුදල් විශාල ප්‍රමාණයක් ජපානයට සහ ඉන්දියාවට පිරිනමනවා යැයි ඒ මහතා වැඩි දරටත් පැවසුවේය.
-http://www.gossipclanka.com-
Comments
Post a Comment