හිරුනිකා දෙවැනි මනාලිය වෙයි Gossip Lanka 9

hirunika

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා දෙවැනි මනාලිය ලෙස විවාහ මංගල උත්සවයකට සහභාගි වුණා.

ඇය මෙසේ දෙවැනි මනාලිය වුණේ පාසල් වියේ සිය හොඳම යෙහෙළිය වූ අමා අමරසිංහගේ විවාහ මංගල්‍යය සඳහායි. පාසලේ පස් වැනි ශ්‍රේණියේ සිටම තම හොඳම යෙහෙළිය වූයේ අමා බව හිරුනිකා පවසනවා.
“පාසලේ 10 වසරේ ඉන්න කාලේ අපි දෙන්න පොරොන්දුවක් වුණා. ඒ මම මුලින් විවාහ වුණොත් අමා දෙවැනි මනමාලිය වෙන්නත් අමා මුලින් විවාහ වුණොත් මම දෙවැනි මනමාලිය වෙන්නත්.. අවසානයේ අමා මට කලින් විවාහ වුණා. ඉතින් මම එයාගෙ දෙවැනි මනමාලිය වුණා..” මේ ගැන විමසූ අයට හිරුනිකා එහෙම පවසා තිබුණා.
අමා සහ හිරුනිකා දෙදෙනාම කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්.
අපට වාර්තා වෙන හැටියට මේ ලංකාවේ පළාත් සභාවක් නියෝජනය කරන මහජන නියෝජිතවරියක් විවාහ උත්සවයක දෙවැනි මනමාලිය වුණු මුල්ම අවස්ථාවයි.

Comments