ඩ්‍රීම් ස්ටාර් ධනුෂ්කට ජනාධිපතිත් මොනවද කියලා Gossip Lanka 9


මුළු මහත් ලාංකික ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින්   පසුගිය දවසක දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ පැළඳි එම්. ජී. ධනුෂ්කට රටේ ප්‍රධාන පුරවැසියා සුබ පැතූ බව  අපට ආරංචි වුණා.


ඉතින් ඒ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලන්නත් එක්ක  අපි ධනුෂ්කට කතා කරලා ඇහුවා.

ඒ වෙලාවේ ධනුෂ්ක අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“අතිගරු ජනාධිපතිතුමා ඊයේ දිනයේ මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දීලා සුබ පැතුවා. එතුමා දෙරණ ඩ්‍රීම්  ස්ටාර් තරඟය ඉතාමත් උනන්දුවෙන් නැරඹූ බවත්, මුළු වැඩසටහන පුරාවට මගේ දක්ෂතාවයන් දුටු බවත් කීවා. එතුමගෙ ගම් ප්‍රදේශය වන වීරකැටිය-මැදමුලන කියන්නේ මගේ ගමට කිට්ටුයි. ඉතිං දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ ඒ ප්‍රදේශයට ගෙන ඒමට මට හැකිවීම ගැන එතුමා ඉතාමත් සතුටුවන බව කීවා. ඒ වගේම ඕනම උදව්වක් ඉල්ලන්න කියලත් කීවා. මට මේ ගමනේදී නාමල් රාජපක්ෂ මහතා, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා,පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය,ප්‍රේමලාල් ජයසේකර වගේ සෑහෙන පිරිසක් උදව්වුණා“

කොහෙම වුණත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වුණ එම්.ජී. ධනුෂ්කට සහ ඔහුගේ සංගීත ජීවිතයට දෙරණ වෙබ් ගොසිප් තුලිනුත් සුබ පතනවා.

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment