ළමයින්ට අතවර කරන පූජකයන් ගැන ෆ්‍රැන්සිස් පාප්තුමාගෙන් හෙළිදරවුවක් Gossip Lanka 9


කාදිනල්වරුන් ඇතුළු කතෝලික පල්ලියේ සියලුපූජකවරුන්ගෙන් සියයට දෙකක් (2%) ළමා ලිංගික අපයෝජකයන් යයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඇස්තමේන්තු කරන බව ඉතාලියේ පුවත්පතක් පවසයි. පූජකවරුන්ගේ ළමා අපචාර, ලාදුරු රෝගය වැනි බරපතළ රෝගයක් බව පාප් වහන්සේ සඳහන් කළ බව රිපබ්ලිකා පුවත්පත පෙන්වා දෙයි.

රෝමානු කතෝලිකපූජකවරුන්ට විවාහ වීම තහනම් කෙරෙන වත්මන් නීති රීති ද ඉතා ඉක්මනින් වෙනස්වනු ඇතැයි ෆ්‍රැන්සිස් පාප් තුමා එහිදී සඳහන් කළ බවත් එම පුවත්පතේසඳහන් වෙයි. එහෙත් පුවත්පත පාප් වහන්සේගේ වචන එලෙසින්ම වාර්තා කොට නැති බව, උන් වහන්සේගේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇති බවටද තොරතුරු වාර්ථා වෙයි.
-http://gossip.asianmirror.lk/-

Comments