මළ දැරිය මීනි පෙට්ටියෙන් නැඟිට්ට හැටි – (වීඩියෝ) Gossip Lanka 9

Young Filipino Girl Wakes Up At Her Own Funeral Young Filipino Girl Wakes Up At Her Own Funeral 
උණ රෝගයක් නිසා මිය ගිය බව කියන පිලිපීනයේ තුන් හැවිරිදි දැරියක් යළි මිනී පෙට්ටියෙන් නැගිට ඇති පුවතක් වාර්තාවෙයි.


පිලිපීනයේ, අවුරෝරා නුවර පදිංචි යුවළකට දාව ඉපිද ඇති මෙම දරුවා උණ රෝගයකින් පෙළී මියැදීම නිසා ඇයගේ දේහය අවසන් කටයුතු වලට පෙර දේව මෙහෙය සඳහා දේවස්ථානයට රැගෙන ගොස් ඇත.

එම අවස්ථාවේදී මිනී පෙට්ටිය විවෘත කර ඇති අතර දැරිය හිස දෙපසලට සලන අයුරු දැකීමෙන් පියා වහා එම දැරිය මිනී පෙට්ටියෙන් එළියට ගෙන රෝහලට ගෙන ගොස් තිබේ.

කෙසේ වුවද දැරිය රෝහල්ගතකොට පැය කිහිපයකින් පසු යළි මිය ගිය පුවත ඇසීමෙන් ඔවුන් වඩාත් කම්පාවට පත්ව ඇත.
දැරිය මිනී පෙට්ටියේදී පණ ලැබූ වීඩියෝව

Comments