සීෂෙල්ස් වැසියන් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ ස්විස් තැන්පතු Gossip Lanka 9

 

2012 වසරේදී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 87 ක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ ස්විස් බැංකු තැන්පතු 2013 වසර වන විට ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 83 දක්වා අඩුවී ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

නමුත් සීෂෙල්ස් වැසියන්ගේ නමින් ස්විට්සර්ලන්තයේ තැන්පත් කොට ඇති මුදල් ප්‍රමාණය එකී කාල සීමාව තුළදී විශාල ලෙස ඉහල ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවත් සීෂෙල්ස් රාජ්‍යත් අතර ගනු දෙනුද ඉහල ගොස් ඇති නිසා ශ්‍රී ලාංකිකයන්ද වක්‍රාකාරයෙන් රහසිගතව ස්විට්සර්ලන්තයේ මුදල් තැන්පත් කොට ඇත්ද යන්න සොයා බැලිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ.
ඉන්දියානු ජාතිකයන් එසේ රහසිගතව මුදල් තැන්පත් කොට ඇත්ද යන්න සොයා බලන ලෙස ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි තනතුරේ වැඩ බාර ගෙන ටික දිනකින්ම උපදෙස් දී ඇති බවත් ඔහු සඳහන් කරයි.
-http://www.bbc.co.uk/sinhala-

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment