පොලීසියෙන් වැදගත් උපදෙසක්. Gossip Lanka 9

ක්‍රෙඩිට් කාඞ් භාවිතය පිළිබඳව මෙරට ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලීසිය යළි සිහිපත් කරනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ ක්‍රෙඩිට් කාඞ් වංචා සම්බන්ධයෙන් විදේශිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අදහස් පළ කරමින්. පසුගිය ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් අත්අඩංගුවට ගත් අතර සිදුකර තිබූ වංචාව රුපියල් කෝටියකට අධිකයි. ක්‍රෙඩිට් කාඞ්පත් කිසිඳු අවස්ථාවක තමන්ගේ ඇස් මානයෙන් පිටතට යැවීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Comments