වරිගපොජ්ජ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කල නදීශානි නිලුක්ෂිගේ පළමු පෙම බිඳී ගොස් ඇති බව වාර්තා වේ.
ඇය විවාහ ගිවිසගෙන තිබුනේ රොනී තැනැත්තෙකු සමග වන අතර ඇයගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය පවත්වා තිබුනේ පසුගිය මැයි මාසයේදීය.
විවාහය පිලිබඳ නදීෂා කලින් කලට සිදුකල ප්‍රකාශ බලන්න පහතින්
2014 ජනවාරි පළමු වනදා - ෆේස්බුක් වෙත එක්කල ජායාරූප

2014 මැයි පළමු වනදා - අදදෙරණ වෙබ් අඩවිය වෙත
එහෙනම් කියන්නකෝ බලන්න ඔබ කැමති මොන වගේ සහකරුවෙක්ටද කියලා?
මං බලාපොරොත්තු වෙන කෙනාව ලොකු ලස්සනක් තිබිය යුතු නෑ. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්, තේරුම් ගැනීම, විශ්වාසය, සැකයක් නැතුව මට ආදරයෙන් ඉන්න පුළුවන් නම්, මාව තේරුම් ගන්න පුළුවන් නම්. සාමන්‍ය උස ගානට තියෙන්න ඕන. සුදු අයටනම් මං කැමති නෑ. තලෙලු එක්කෙනෙක්.
ඉතින් ඒ වගේ හොඳ එක්කෙනෙක් ලැබෙයි අනිවාර්යෙන් මට. ඉතින් හිමිකාරයා එනකන් මං බලන් ඉන්නවා .
2014 මැයි තුන්වනදා - රිවිර පුවත්පත වෙත
නදීෂානි පෙම්වතියක්ද?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. එයත් හුඟක් මගේ කලා කටයුතුවලට උදව් කරනවා. තවම විවාහය ගැන නම් හිතලා නැහැ. ඉදිරියේදී ඒ දේත් සිදුවේවි.
2014 ජුලි විසි තුන්වනදා - ලයිෆ් වෙබ් අඩවිය වෙත
ඔබ පෙම්වතියක්ද ?
හිටියා . ඒත් දැන් නෑ.





නදීෂානිගේ ජායාරූප කිහිපයක් පහතින්.
Comments
Post a Comment