සරම් අඳින පිරිමින්ට ගීතා එක්ක කරන්න බැරි දේ Gossip Lanka 9


බෙන්තර ඇල්පිටියේ සංවිධායිකාව වන ගීතා සමඟ අනෙක් මංත්‍රීවරු ඇනකොටාගත්තේ වරක් දෙවරක් නොවේ.

ටික කලකට යටපත්වී තිබූ එම ගැටුමේ අලුත්ම තත්ත්වය වන්නේ ඇල්පිටියේ උප සභාපතිවරයා ගීතා නිසා දේශපාලනයෙන් ඉවත්වීමට යෑමට සූදානම් වීමයි.

සරම් අඳින පිරිමින්ට ගීතා කුමාරසිංහ සමඟ දේශපාලනය කිරීමට බැරි බවත් එම හේතුව නිසා තමන් දේශපාලනයෙන් සමුගන්නා බවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පවසනවා.

"ආසනයේ සංවිධායකතුමිය දිගින් දිගටම මා ඇතුළු මංත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් එලව එලවා පළිගන්නවා.

ඒ පිළිබඳව සියළුම දුක් අඳෝනා හා අපට වී ඇති අසාධාරණකම් අපි පක්ෂයට දැනුම් දුන්නා ආසන සංවිධායකතුමියට විනය පරීක්ෂණයක් කරන්න කියලා. නමුත් පක්ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් නෑ.

ආසනයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති වලින් මාව ඉවත් කරලා. මේ නිසා විශාල කැළඹීමක් මා තුල ඇතිවෙලා තියනවා"

නැවතත් ඇතිවී තිබෙන මෙම ගැටුම් ගැන ගීතා පවසන්නේ මෙවැන්නක්

"මොහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙනවා නම් ඒක ලොකු උදව්වක්. මේ අයත් එක්ක රට හදන්න බෑ. ඇතැමුන් උපවාස කරලා මාව ගෙදර යවන්න හැදුවා, අන්තිමට ඒ අය තමයි ගෙදර ගියේ"
-http://www.gossipbook.lk-

Comments