තරුණියක් සමූහිකව කෙළෙසූ හතරක් දැලේ - Gozzip Lanka

උඩප්පුව ප‍්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුල තරුණියක් සමූහ දුෂණයකට ලක් කළ බව කියන සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉකුත් දෙවැනි දා මෙම දුෂණය සිදුව ඇති බවටයි පොලිසිය වෙත තොරතුරු වාර්තා වී ඇත්තේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ පුද්ගලයින් 06 දෙනෙකු විසින් එම තරුණිය දුෂණය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්‍ෂණ ක‍්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Comments