මව්බිම පුවත්පත 4D වෙයි - Gozzip Lanka


මෙයට පෙර පුවත්පත් කලාවේ නවතම හඳුන්වාදීම් රැසක් ගෙන ආ මව්බිම පුවත්පත හා සිලෝන් ටුඩේ පුවත්පත අද දිනයේ 4D අත්දැකීමක් පාඨකයා හට ලබාදීමට කටයුතුකොට ඇත.

මෙයට පෙර සිලෝන් ටුඩේ පුවත්පත මගින් ත්‍රිමාණ පුවත්පත් අත්දැකීමක් ලබාදුන් අතර ඔවුන්ට ප්‍රථම එය "අද" පුවත්පත මගින්ද ලබාදෙනු ලැබුණි.

අද පුවත්පත මගින් 3D අත්දැකීම ලබා දෙනු ලැබුවේ ද්විමාන ජායාරූප ත්‍රිමාණ ජයාරූප බවට පරිඝනකය ඔස්සේ පරිවර්තනය කිරීමෙන් වන අතර එම උත්සාහය එතරම් සාර්ථක වූයේ නැත.

නමුත් සිලෝන් ටුඩේ විසින් එළිදැක්වූ ත්‍රිමාන පුවත්පතේ පළවූ ජායාරූප ත්‍රිමාණ ආකාරයෙන් (Left eye view හා Right eye view) වෙන වෙනම ජයාරූප ගතකොට මුද්‍රණයකොට තිබු හෙයින් එය වඩාත් සාර්ථක උත්සාහයක් විය.

අද දින මව්බිම පුවත්පත මගින් සිදුකල 4D හඳුන්වාදීම සිදුවන්නේ මෙයට පෙර ඔවුන් විසින් හඳුන්වා දුන් 3D පුවත්පත් සංකල්පයත්, මදුරුවන් පලවාහැරීමට තීන්ත වලට අඩංගු කල විශේෂ සංයෝගයක් යන තාක්ෂණ දෙකෙහි එකතුවෙන්ය.

සාමන්‍යයෙන් 4D යන වදන චිත්‍රපට කර්මාන්තය තුල නිර්වචනය වන්නේ 3D වලට එහා ගිය ස්වාභාවික අත්දැකීමක් ලෙසයි. 4D සිනමා ශාලා තුල එම දර්ශනයන්ට අදාළ පරිදි දුම්, වැස්ස,අකුණු ගැසීම්,ගඳ සුවද ආදියද ප්‍රේක්ෂකයා වෙත සමීප කරනු ලබයි. එයට අමතරව ප්‍රේක්ෂකයන් වාඩිවී සිටින පුටුවටද දර්ශනයට අනුව තිගැස්මක් ලබා දෙනු ලබයි.

අද දින නිකුත් වූ මව්බිම පුවත්පතේ ඇති විශේෂත්වය වනුයේ සබන් වර්ගයක් පුවත්පත් දැන්වීම ත්‍රිමාන ආකාරයෙන් පළකිරීම සහ එම සබන් වර්ගයෙහි සුවඳ පත්‍රයේ තීන්ත වලට මිශ්‍රකොට තිබීමත්ය.

පුවත්පතේ අඩංගුවූ ලැවැන්ඩර් සුවඳ සහිත එම දැන්වීම පහතින්.


Comments