ප්‍රේමයට එදාමෙන් අදටත් කැමැත්තක් නොදක්වන දෙමාපියන් සිටින බව අප කවුරුත් දන්නා කරුණක්.
එලෙස ප්‍රේමයට එරෙහි වූ තවත් පියෙකු පිළිබදව පකිස්ථානයෙන් වාර්තා වනවා.
පකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ තරුණියක් දෙමාපියන්ගේ කැමැත්තෙන් තොරව තමන් ආදරය කළ තරුණයා සමග මීට දින 5කට පෙර විවාහ වී තිබෙනවා.
18 හැවිරිදි සබා මස්කූඩ් නමැති එම තරුණිය මෙලෙස විවාහ වී ඇත්තේ , මුහම්මද් කයිසර් නමැති අසල්වැසි තරුණයෙකු සමග යි.
මේ බව දැනගත් එම තරුණියගේ ඇගේ පියා, සොහොයුරා, මාමා සහ නැන්දණිය එක්ව ඇයට පහර දී ඇති අතර, පියා සිය දියණියට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඇයගේ කම්මුලට සහ දකුණු අතට වෙඩි වැදීමෙන් පසු ඇය සිහිසන් නොමැති ඇද වැටී ඇති අතර පහර දුන් පිරිස සිතා ඇත්තේ, ඇය මිය ගිය බවයි.
ඒ අනුව, ඔවුන් ඇය ගෝනියක දමා අසල තිබූ ඇළකට විසි කර තිබෙනවා.
පසුව යළි සිහිය ලැබූ ඇය තවත් කිහිප දෙනෙකුගේ උපකාර ඇතිව දිවි ගලවාගෙන තිබෙනවා.
මේ වන විට ඇය රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින් බලන්න....