මෙය කෙටි කතාවක් යැයි මම මුලින්ම සිතුවා. නමුත් කතාව ඇතුළට වැදගත් මොහොතේදී මෙය කෙටි නැති දිගු කතාවක් යැයි සිතුවා. නැවතීමේ තිතක් නොමැතිව කොමා සහ විරාම ලක්ෂණ පමණක් ඇතිව කතාව දිග දුර ඇදී යද්දී මා නොදැන සිටි කරුණු කාරණා ගොන්නක් නිරාවරණය වුණා. ඉදින් පත්තරකාරයෙක් ලෙස මෙම කරුණු තවදුරටත් සමාජයෙන් වසන් කර තැබිය නොහැකියි. ගවේෂණය තවදුරටත් සීමා විරහිත ප්‍රදේශයක් කරා ඇදී යනවා. එය මේ මොහොත තුළදීත් සිදු වන්නක්. කන්තෝරුවේ දුරකතනය කොතරම් නාද දුන්නත් මගේ නම කියා අඬගැහුවත් එයට සවන්දෙන පුරුද්දක් මා හට නැහැ.
එය නිවැරැදි කර ගතයුතු තත්ත්වයක්. එවැනි අවස්ථාවක අහඹුවක් ලෙස මම මෙම ඇමතුමට සවන් දුන්නා. මට Spa කියල ගණිකා නිවාස කරන එවුන් තුන්හතර දෙනෙක් මරන්න ඕනෑ. ප්‍රති උත්තර නොබැන්ද මම නිහඬ වුණා. ඒ කතාවේ ආරම්භය සලකුණු කළ මොහොත. සොයා යෑම සඳහා අප සතු වන්නේ සීමිත කරුණු ප්‍රමාණයක්. ගමන යා යුත්තේ ඒ කරුණු මත පදනම් වෙමින්. කෙසේ වුවත් මෙම ලිපියේ ආරම්භය මෙලෙස සනිටුහන් වෙද්දී වැදගත් යැයි නිරීක්ෂණය කළ හැකි කරුණු රැසක් අප අත්පත් කරගෙන හමාරයි. පිටුවේ වම් කෙරවල දිස්වන ග්‍රැෆික් චිත්රයන්ගේ එකිනෙක වෙන්වූ කොටස් මඟින් මෙම පැහැදිලි කිරීමට අප උත්සාහ ගත්තේ ගවේෂණය, එහිදී මුහුණදීමට වන විවිධ බාධා එන සියල්ල පරාජය කර එම නැඟණියට යුක්තිය ඉටු කරවාගත හැක්කේ කෙසේද යන්න සාකච්ඡාවට බඳුන්කළ යුතු නිසා.
ගම්බද පළාතක පිහිටි එක් කොනක පමණක් දියරැඳි වැවක තරුණියන් දෙදෙනකු එකිනෙකා පරයන්නට දිය කෙළියකය. වැවේ අනෙක් කොන වැස්ස අපේක්ෂාවෙන් අහසට දත නියා සිටිනා විලාසය බලා සිටි තරුණියන් දෙදෙනා අතරින් හීන්දෑරි එකිය මෙලෙස පවසා සිටියාය. අක්කා අපි නාන මේ හරිය උඹ වගේ, පෑවිල්ල අල්ලපු අර කොන මම වගේ. තරුණියක් යැයි හඳුන්වා දුන්නද මොවුන් නාඹර වයසේ ගැටිස්සියන්ය. පිළිතුරක් නොලබනවා යන්න දැන දැනත් තමා ඉදිරිපත් කළ නිදසුන අනෙක් තරුණිය ප්‍රතික්ෂේප කරන්නේ නැතැයි දැනගත් තරුණිය මෙලෙසද කීවාය.
"ඕලෙවල්වලින් උඹ ඉස්කෝල ගමන නතර කළා. කොළඹ රස්සාවකට ගියා. මම ඒලෙවල් කළා. අද රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්නවා. ඒකයි! උඹට පුළුවන් මාසෙකට සැරයක් අම්ම තාත්තට රෙද්දක් බැනියමක් ගෙනත් දෙන්න. මට මාසෙකට සැරයක් යට ඇඳුමක් මහගන්න සල්ලි ගෙදරින් ඉල්ලන්න මොකක්ද වගේ. ඒලෙවල් කරපු හින්ද ගාමන්ට් යනවට අප්පච්චි මනාප නැහැ. උන්දැගෙන් පස්සේ වෙලේ විදානේ වැඩෙත් මට කරන්න බැහැ. මොකක්ද කරන්නේ කියල මට හිතාගන්න බැහැ.
අතරින්පතර හුළන් කන්දරාවක් පුරෝගෙන වැව් දියේ ගිලීගිය නිසා ඇය පවසන දෙයට සවන්දීමට අනෙක් තරුණියට සිදුවුණේ කඩින්කඩය. දියේ ගිලී සිටින වරක් පාසා එම තරුණිය දුටුවේ දිනෙන් දින මෝරා වැඩෙන තම මිතුරිගේ අඟපසඟය. දෙවටොරවල්, තට්ටම්, දිගු දෙපා, දිය කෙළින රණ තිසරු කොළොම්පුරේදී අධික මිලක් ගන්නා වෙළෙඳ භාණ්ඩ බව දන්නා තරුණිය සද්ද නැතුව සිටියාය.
"මේකි ගමේ ඉන්න එක හොඳයි. තව අවුරුද්දකින් දෙකකින් පවුලක් වුණාම ඔය ගතිය හරියයි. අපි මැෂින්වලට දිය වුණාට මේකිත් අනාගතය අයිති ගමට" යැයි සිතා නැවැත වරක් දිගු හුස්මක් ගෙන කිමිද ජල මතුපිටට පැමිණියේ කන් ඇසෙන නෑසෙන දුරිනි.
ඔවුන් නැවැත නිවෙස් කරා පැමිණියේ වැව් කණ්ඩිය මතින් ගොස් වැටී තිබෙන මහ නියර හරහාය.
"මමත් කොළඹ යන්න හිතුවා. ඉරිදා පත්තරේක සංගීත කණ්ඩායමකට ආධුනික අය බඳවා ගන්නවා කියල දැන්වීමක් දාලා තිබුණ. ඒකට බැඳෙන අයට මුලින්ම රු. 15,000ක් ගෙවනවලු. නතර වෙන්න තියනවලු. පෙරදිග සංගීත කණ්ඩායමක් හින්ද අප්පච්චි එපා කියන එකක් නැහැ. මම අද රෑට අප්පච්චි එක්ක මේක කතා කරනවා. එහෙම වුණොත් ඔයා අනිද්ද යද්දි මටත් ඔයා එක්කම කොළඹ යන්න පුළුවන් නේද? මුලින්ම අප්පච්චිගෙන් අහල හිටින්. හා කිව්වොත් මම එක්කගෙන යන්නම්."
ඔවුන් නැවැත හමුවූයේ දිනකට පසු අලුයම් කාලයේදීය. සංගීත කණ්ඩායම සොයා යන තරුණිය චීත්ත ගවුමකින් හා රැකියාව සඳහා පිටත්ව යන තරුණිය ලුන්ගියක් වැනි දිග කලිසමකින් සැරසී සිටියහ. සංගීත කණ්ඩායම සොයා යන තරුණිය සිය පියා සමඟ බස් නැවැතුම්පොළට පැමිණෙන විට අනෙක් තරුණිය බස් නැවැතුම්පළට පැමිණ සිටියේ හුලුඅත්ත නිසා තමන්ට පිටුපා සිටි හේමලයා සමඟිනි. දුරබැහැර සිට පැමිණෙන ලංගම බස් රථය ඔවුන් සිටි නැවැතුම්පොළට සමීප වූයේ නියමිත වේලාවට මඳක් පසුවය. හිරු නැති දෙපැයක් ගතවෙන විට තරුණියන් දෙදෙනා මධ්‍යම බස් නැවැතුම්පොළෙන් ගෙන්දගම් පොළොවට පයගසා තිබිණි.
සංගීත කණ්ඩායමට බැඳීමට යන තරුණිය තම ජංගම දුරකතනයෙන් ලබාගත් ඇමැතුමට පසුව අනෙක් තරුණියට පවසා සිටියේ කණ්ඩායමේ කළමනාකාරිය නුගේගොඩ නගර මධ්‍යයේ ඇති බස් නැවැතුම්පොළ කරා පැමිණෙන්න යැයි දැන්වූ බවය. ඒ සමඟම ඇය දැනට රාජගිරිය ප්‍රදේශයේ සිටින නිසා කොළඹ හරහා තමන්ට පැමිණීමට හැකියාව ඇත්ද යන්න සොයා බලා නැවැත ඇමැතුමක් ලබාදෙන්නේ යැයිද පවසා සිටියා යැයි ඇය පවසා සිටියාය.
නැවැත වරක් දුරකතන ඇමැතුමක් පැමිණේ යන අවධානය නොබිදාගත් තරුණියන් දෙදෙනා පිටකොටුව බෝගස මුල ගතකළ කාලය පැය භාගයකට නොවැඩිය. නැවැත වරක් ඇමැතුමක් ලබාගන්නවාට වඩා සුදුසු දෙය වන්නේ නුගේගොඩට යෑම යැයි යෝජනා කරන ලද්දේ නුගේගොඩට යා යුතු තරුණියය. ඇයගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි නිසා අනෙක් තරුණියද එයට එකඟ වූවාය. දැන් ඔවුන් දෙදෙනා සිටින්නේ නුගේගොඩ සිට මහරගම දෙසට ඇති බස් නැවැතුම්පොළේය.
තමන් නුගේගොඩට පැමිණි බව පැවැසූ පසු සංගීත පන්තියේ කළමනාකාරවරිය ආපසු හැරී පාගමනින් නුගේගොඩ ගුවන් පාලම යටට එන්න යැයි ඇයට පවසා සිටියේ එම ස්ථානයේ මාර්ග තදබදය අඩු යැයි පවසමිනි.
ගුවන් පාලම යටදී තරුණියන්
දෙදෙනාම හමුවූයේ මැදි වියේ ගැහැනියක සහ තවත් තරුණියකි. තරුණිය මැදිවියේ කාන්තාව ආමන්ත්‍රණය කළේ "මැඩම්" කියා නිසා මෙම තරුණියන් දෙදෙනාටද ඇය "මැඩම්" වූවාය.
මැඩම් පවසා සිටියේ රාජගිරිය සිට නුගේගොඩට පැමිණි මට ඇයට ගතවූ කාලය වඩා අඩු කාලයකින් කොළඹ සිට නුගේගොඩට පැමිණීමට තරුණියන් දෙදෙනාට ගතවී ඇති බවය.
මැඩම් සහ තරුණියන් දෙදෙනා එක පසකට වූයේ රැකියාව සඳහා පිටත්ව යන්නට ඇවැසි තරුණියට ඉඩ වෙන් කර දීම සඳහාය. ගැහැනියක තවත් ගැහැනියක අවිනිශ්චිත මොහොතකදී කෙලෙසකවත් විශ්වාස නොකරන නිසා රැකියාව සඳහා පිටත්ව යන තරුණිය ගුවන් පාලමේ කණුවට මුවාවී තම මිතුරිය, මැඩම් සහ මැඩම් කැටුව පැමිණි තරුණියත් කුමක් කරන්නේදැයි නිරීක්ෂණය කළාය. ඔවුන් අතර කතාබහකි. ඒ අතරතුර මැඩම් දුරකතන ඇමැතුම් කීපයක් ලබාගත්තාය. ඉන් අනතුරුව ඔවුන් ඉදිරියට පැමිණි වෑන් රථයකට තිදෙනාම ගොඩවෙනු ඇය නිරීක්ෂණය කළාය. වෑන් රථයේ අංකය දෑසින් ග්‍රහණය කරගැනීමට ඇය ගත් උත්සාහයද ව්‍යාර්ථ වූයේ ඔවුනොවුන් අතර පරතරය දිගු වූ නිසාය.
එදින අවසන් වූයේ සුපුරුදු පරිදිය. රාත්‍රි අටේ කනිසමට පමණ සංගීත කණ්ඩායමට බැඳීමට ගිය තරුණියගෙන් ඇමැතුමක් අනෙක් තරුණියට ලැබුණ අතර තමන් හොඳින් බවත් රාජගිරිය පිහිටි මැඩම්ගේ නිවෙසට ගොස් දිවා ආහාරය ලබාගෙන නැවැත වරක් තවත් නගරයකට පැමිණි බව පවසා සිටි ඇය තමා සිටින්නේ නුගේගොඩ නගරයේම විය හැකි බවද කීවාය. නිච්චියටම තමා සිටින තැන මැඩම්ගෙන් ඇසුවොත් එය සැක කිරීමක් ලෙස ඇය භාරගනීවිදැයි කී තරුණිය එලෙස සැක කිරීමට කිසිදු කරුණක් නොමැති බවද පවසා සිටියාය. ඒ ඇයගෙන් ලැබුණ අවසන් දුරකතන ඇමැතුමය.
විශ්වසනීයත්වය තහවුරු කළ හැකි පරිදි තම යෙහෙළියගෙන් ලැබුණු දුරකතන ඇමැතුම අනෙක් තරුණියට විශාල අස්වැසිල්ලක් විය. සංගීත පන්තියේ කළමනාකාරවරිය පිළිබඳ යෙහෙළියට සැකයක් වී නම් ඒ බව දුරකතනයෙන් දැනුම් දීමට හැකි බව අනෙක් තරුණියගේ විශ්වාසය වූවා නොඅනුමානය. ලෝකයේ දකින, අහන කිසිදු දෙයක් ඒ අයුරින්ම පිළිගැනීමට නොහැකි වුවත් සංගීත පන්තිය භාර මැඩම් යැයි පැවැසූ තැනැත්තිය අවිශ්වාස කරන්නට තරම් ඇය හමුවට ගිය තරුණියගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු තැන රැකියාවට පිටත්වූ තරුණිය යෙහෙළිය ගිය කාරිය සාර්ථක වී යැයි විශ්වාසය තනා ගත්තාය. ඇය එදිනෙදා වන තොරතුරු තමන්ට දැනුම් දේ යැයි දින ගණන් කරන්නට වූවාය.
බලාපොරොත්තුවෙන් සිටියද යෙහෙළියගෙන් කිසිදු දුරකතන ඇමතුමක් අනෙක් තරුණියට නොලැබිණි. රැකියාවට මිනිත්තු, පැය ගෙවී යද්දී යෙහෙළිය පිළිබඳ සොයා බැලීමේ අදහස ඇයගේ මතකයෙන් තරමක් දුරට වියැකී යන්නට වූවාය. දින සති වෙද්දී ඇය සංගීත කණ්ඩායමට එකතු වීමට ගිය තරුණියට ඇමතුමක් ලබා ගත්තේ ගමෙන් ආ පසු හරි ගියා නේදැයි ඇයට නෝක්කාඩු කීමටය. නමුත් ඇයට නෝක්කාඩු කීමට අවකාශය නොලැබුණාය. දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවට ලැබුණු දැනුම් දීම සමඟ ලත් තැනම ලොප් වූ සිතුවිලි දාමයට මොහොතකට තිත තැබූ තරුණිය, නැවතත් නිදහස් මොහොතක ජීවය ලැබූ සිතුවිලි තම යෙහෙළිය ඉදිරියේ මුදා හරින්නට සිතමින් තමන්ගේ එදිනෙදා වැඩ රාජකාරි මධ්‍යයේ අතරමං වන්නට වූවාය.
කාලය ගෙවී යද්දී සංගීත කණ්ඩායමට එකතු වන්නට ගිය දියණිය ඇගේ හීනය ජයගෙන වැව් කණ්ඩිය මැද්දාවෙන් වැටී ඇති ගුරුපාර දිගේ ගමට එන හැටි සිතින් දකිමින් දූගෙන් ලැබෙන දුරකතන ඇමතුමකින් ජීවය ලබන්නට සූදානමින් ඇගේ මව හීන දකින්නට වූවාය. ඇගේ දෑස හිස් අවකාශය වෙනුවෙන් ඇදී යද්දී පියා ද ඒ වෙනුවෙන් ළතැවුණා නෙවේය. දිනෙන් දින දියණිය වෙනුවෙන් ළත වෙන බිරිය දෙස බලා සිටි ඔහු දියණිය ගැන සොයා බලන්නට ගමෙන් රැකියාවට ගිය තරුණියට ඇමතුමක් ලබා දෙන්නට සිතුවේ ඇයගෙන් හෝ සිත සනසා ගත හැකි තොරතුරක් ලබා ගැනීමේ නියාවෙනි. තම දියණිය කැටිව ගෙන්දගම් පොළොවට පය තැබූ තරුණියගේ නිවැසියන්ගෙන් ඇගේ දුරකතන අංකය ලබාගෙන දුරකතන ඇමැතුමක් ලබා දුන්නද සංගීත කණ්ඩායමට එකතු වන්නට ගිය තරුණියගේ මවුපියන්ට සිත සනසා ගත හැකි තොරතුරක් ඇයගෙන් නොලැබිණි.
තම දුවණියගෙන් යෙහෙළියටද ලැබී තිබුණේ ඇය සංගීත පන්තියේ මැඩම් හමුවට ගිය දිනයේ ලැබුණ දුරකතන ඇමතුම පමණි. තම යෙහෙළිය තමන්ගේ නිවෙසට දුරකතන ඇමතුමක් ලබා නොදුන්නේ යැයි ආරංචිය ලැබුණු තැන තරුණියද ප්‍රශ්න රාශියක අතරමං වූවාය. නිවෙසට දුරකතන ඇමැතුමක් ලබා දීමට නොහැකි වීමට තරම් තම යෙහෙළියට මුල අමතක වීද, නැතිනම් ගෙන්දගම් පොළොව තුළ ගමේ කුසුම පරවීද? ඇයට සිදුවුණේ කුමක්ද? ඇය මේ සියලු සිතුවිලි සමඟ පොරබදන්නට වූවාය. ඒ අතර තම යෙහෙළියගේ දුරකතන ඇමැතුමක් ලැබෙන තුරු තවත් ටික දිනක් බලා හිඳින ලෙස පැවැසූ තරුණිය නිහඬ වූවාය.
ප්රශ්නය නිම නැත. තමන්ගේ යෙහෙළිය කොතැන සිටී දැයි විමසා බලන්නට යෙහෙළියගේ දුරකතනය හැර වෙනත් තොරතුරක් ඇත්තේම නැත. ඒ වනවිටත් ඇගේ දුරකතනය එදා මෙන්ම නිහඬය. කාලය දින, සති මාස විය. ඒ වනතුරු සංගීත කණ්ඩායමට බැඳීමට ගිය තරුණියගෙන් කිසිදු හෝඩුවාවක් නොලැබිණි. එහෙයින් අෑ පිළිබඳ තොරතුරක් වෙතොත් ඒ ගැන දැනුම් දෙන්නයි ගෙන්දගම් පොළොවේ වෙසෙන හිතවතුන්ට දැනුම් දෙන්නට තරුණියගේ මවුපියෝද උත්සුක වූහ. මාස දෙකක් තෙක් කාලය ගෙවී යද්දී තරුණියගේ මවුපියන්ට කොළඹ පුරවරයෙහි වෙසෙන හිතවතකුගෙන් තොරතුරක් ලැබිණි. අතුරුදන් වී යැයි පවසන තරුණියගේ අංග ලක්ෂණයන්ගෙන් යුතු තරුණියක් කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළ ආශි‍්‍රතව සිටින්නේ යැයි ලැබුණු තොරතුර හඹාගිය තරුණියගේ මවුපියන්ට මීට මාස දෙකකට පෙරාතුව කොළඹ පුරවරයේ හීනය හඹාගිය දියණිය මුණගැසිණි.
වියවුල් මනසකින් ඒ මේ අත ඇවිදිමින් සිටි තරුණිය ඇගේ මවුපියන්ගේ තුරුලට එක් වූවාය. එදා ගමේ සුවඳින් හැඩවුණු ඇය අද මවුපිය තුරුලේ සැනසෙන්නීය. ඒත් ඇගේ ගැමි සුවඳ මුහු වුණු සුන්දර යෞවනත්වයට සිදු වූයේ කුමක්ද? ඒ ගැන ඉදිරි ලිපියේදී බලාපොරොත්තු වන්න.
-mawbima-