කරන්ට් ගිය වෙලේ රන්ජන් අයියා මාව ඇඳක දාලා පෙරළුවා - Nipuni (Photo) - Gossip Lanka 9

'රන්ජා' සිනමා සිතුවමේ 'ටානියා' නම් වූ චරිතයට පණ පොවමින් සිංහල සිනමාවට එක් වූ ඇය රංගනයට පමණක් නොව නිවේදිකාවකද වනවා. කලකට ඉහත දී නර්තන ශිල්පිනියක් ලෙසින් ද රසිකයන්ට වඩාත් සමීප වු ඇය 'නිපුණි විල්සන්' ය. ලංකා ඊ ගොසිප් නිව්ස් තුළින් මෙතැන් සිට සටහන් වන්නේ ඇගේ වතගොතයි.


"ටානියාගේ චරිතයට මාව සුදුසුයි කියලා යෝජනා කරලා තියෙන්නෙ රන්ජන් රාමනායක අයියා. ඔහුගේ රෙකමදාරුවට මාව රන්ජා හි නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ සුදේශ් වසන්ත පීරිස් ඇතුළු පිරිස ස්ක්‍රීන් ටෙස්ට් එකකට කැඳෙව්වා.
ඉන් ඔවුන් මාව ටානියාගේ චරිතයට සුදුසු බවට තීරණය කළා. ඔන්න ඔහොමයි මං රන්ජාට සම්බන්ධ වන්නේ. මාව රංගනයට ගන්නෙ චන්ද්‍රරත්න මාපිටිගම සර්. ඔහුගේ 'බාගෙට නෑයෝ' ටෙලි නාට්‍යයේ මං මුලින්ම රඟපෑවේ. ඊට පසුව ‘ආදරියේ, අහස් ගව්ව’ ආදී නාට්‍යවල රඟපෑවා. එතැනින් පසුව මං ටෙලි නාට්‍ය රඟපෑම අතහැරියා.


මගේ නිවේදන ජීවිතය ඇරැඹෙන්නේ ස්වර්ණවාහිනියෙන්. බුද්ධක කුලසේකර මහත්මයා තමයි එහි නිවේදිකාවක විදියට වැඩකරන්න මට ආරාධනා කළේ.


එතකොට නර්තන ශිල්පිනියක් ලෙස ස්වර්ණවාහිනියේ ඩාන්ස් ස්ටාර් වැඩසටහනේ සිටියා. මං ඒ වැඩසටහනේ චිලී සහ හේමාල්ගේ පාට්නර් විදිහට නර්තන අංග ඉදිරිපත් කළා. මගේ කලා ජීවිතය ආරම්භ කරන්නෙත් නර්තන ශිල්පිනියක් ලෙසින්. ඒ දෙරණ රියැලිටි ෂෝ එකකින්. දෙවනුවයි ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගයට සහභාගි වුණේ. එහිදී මාව බුද්ධික මහත්මයා දැකලා නිවේදනයට කතා කෙළේ. මං අවුරුදු දෙකක් ස්වර්ණවාහිනියේ හිටියා. වර්තමානය වනවිට මං හිරු නාළිකාවේ නිවේදිකාවක්.

මං ස්වර්ණවාහිනියේ වැඩ කළේ පාර්ට් ටයිම්. සතියකට දිනක් විතර ඇවිත් ජොබ් එකක් කරනවාට වඩා සතියේ දින පහේම ඔෆිස් එකක වැඩකරන්නයි මගෙ ආසාව වුණේ. මට හිරු එකට කතා කළේ ෆුල් ටයිම් වැඩකරන්න. මගෙ කැමැත්තත් ඒකම හින්දා සතුටින් ඒ ආරාධනාව බාරගත්තා.


මේ වගේ වෘත්තියක යෙදෙන ගමන් රඟපාන්න බැහැ තමයි. ඒ හින්දා මං තීරණය කළා චිත්‍රපටවල විතරක් රඟපාන්න.



නිවේදන වෘත්තිය කරන ගමන් ටෙලි රඟපාන්න අමාරුයි. ඒවට අඩගැහැව්වට පසුව මට යන්න බැරි වුණොත් ඒ නිර්මාණ කරුවන් අපහසුතාවට පත්වෙනවා. චිත්‍රපටයක් දෙකක් රඟපාලා මෙහෙම ඉන්න එක හොඳයි. අනික චිත්‍රපටයෙන් චිත්‍රපටයට චරිතත් වෙනස් වෙනවනේ. ටෙලි නාට්‍ය කරනවා නම් ඒ සඳහා කැපවීමක් තිබිය යුතුයි. මට එහෙම කරන්න බැහැ කියලා මං දන්නවා.



නිපුනිගේ විලාසිතා.

රන්ජා චිත්‍රපටයේ සහ ඡායාරූපවලට පෙනී සිටීම්වලදි වැඩිපුරම ඉන්නෙ භාගෙට ඇඳගෙන. ඒ ඒ වෙලාවන්වලදී ඊට අවශ්‍ය විදිහට මං අඳිනවා. තරුණ කාලෙදි විලාසිතා කරන්නෙ නැතුව වයසට ගිහින් විලාසිතා කරන්නද? අනේ.


ඇඳුමෙන් මිනිස්සු මනින එක වැරැදියි. මං ගැන දන්න අය මං මොනවගේද කියලා දන්නවා. මුළු ලෝකෙම මං ගැන වැරැදියට හිතුවට මට කමක් නැහැ. දන්න අය මාව දන්නවනේ. මට ඒ ඇති.


ජිවිතේ වැරැදුන තැන් මොනවද තියෙවා.

මං හිතන්නේ ඕනම කෙනෙකුගෙ ජීවිතයේ වැරැදීම් තියෙනවා. ඒක මටත් පොදුයි. මට පැමිණි බාධක මට ආශීර්වාදයක් විදිහට මං බාරගත්තෙ. එතකොට ජීවිතය ගෙවන්න පහසුයි.

නිවේදනය සිංගිලිෂ්වලින්.

මාත් එහෙම තමයි කතා කරන්නේ. මං සිංහල දන්නවා. ඉංගී‍්‍රසි වචන පාවිච්චි කරමින් නිවේදනය කිරීම මගේ ස්ටයිල් එක. අවශ්‍යතැන්වලදි ඉංගී‍්‍රසි වචන පාවිච්චි කරන්න මං පසුබට වන්නේ නැහැ..... මට ආදරය කරන ප්‍රේක්‍ෂකයොත් කැමැති මං එහෙම කතා කරනවාට. දැන් මගෙ විදිහක් මං හදාගෙන ඉවරයි.


මගේ ගම දඹුල්ල. දැන් පදිංචිය දෙහිවල. තාත්තා නම් මං පොඩි කාලෙදිම නැති වුණා. අම්මයි අයියලා දෙන්නයි අක්කයි මගෙ පවුලෙ ඉන්නෙ.


මම හොඳ දේට හොඳ නරක දේට හරිම සැර කෙනෙක්.


රන්ජා චිත්‍රපටයේ අසීරුවෙන් රඟපෑවලු.

මං රන්ජන් අයියට ඉංගී‍්‍රසි උගන්වන දර්ශනයක් තිබුණා. ඒ අතරතුරදී කරන්ට් ගිහිල්ලා කළුවර වෙනවා. ලයිට් එද්දි රන්ජන් අයියා මාව ඇඳක දාලා පෙරළනවා. අන්න ඒ දර්ශනය කරන්න බැහැ කියලා මං ලොකු පෙරළියක් කළා. මට හරියට බය හිතුණා.


ඒත් පසුව මං තේරුම් ගත්තා මං කරන වැඩෙන් නිෂ්පාදන කණ්ඩායම අමාරුවෙ වැටෙනවා කියලා. පසුව එම දර්ශනය හොඳට කළා. එදායින් පස්සෙ මං හිතුවා ඕනෑම දර්ශනයක් රූ ගත කරන්න කලින් ඒගැන ඕනෑවට වඩා හිතන එක නවත්වන්න ඕන කියලා."