ලොව ජනප්රිය චරිත බොහොමයක් තමන් ඇදහූ ආගම අතහැර බුදු දහම වැළඳගත් අවස්ථා රැසක් තිබෙනවා. ඒ අතරින් ඇමරිකානු හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන්, සුපිරි ගොල්ෆ් ක්රීඩක ටයිගර් වුඩ්ස්, සුපිරි නළු ජැකී චෑන් සහ ජෙට් ලී සුවිශේෂි වනවා.
මේ අතරට එක්වී ඇති අලුත්ම චරිතයට වන්නේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්.
ෂාරුක් ඛාන් බුදුදහම වැලඳ ගත්තා යැයි කියන ආරංචියක් මේ දිනවල ඉන්දියාවේ බරපතළ ලෙස කතාබහට ලක්වී තිබෙනවා.
බෞද්ධ පොත් පත් කියවීමට තමන් දැඩි ලෙස නැඹුරු වීම මීට හේතුවන්නට ඇතැයි ඔහු විශ්වාස කරනවා.
කෙසේ වෙතත් ෂාරුක් ඛාන් පවසන්නේ ගෞතම බුදුන්ගේ ජීවිත කතාව කියවීමත් සමග තමන් දැන් ඉතා තැන්පත් පුද්ගලයකු බවට පත්වී ඇති බවයි.
ගියවර අයිපීඑල් ක්රිකට් තරගාවලියේදී ඉතා ආවේගශීලී ලෙස හැසිරුණත් ෂාරුක් මෙවර අයිපීඑල් තරගාවලියේදී බොහොම තැන්පත් බවක් දක්නට ලැබුණා.
මේ සුපිරි නළුවා තම ජීවිතය තුළ ඇතිවූ නව වෙනස ගැන අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
"මට බුදු දහම ගැන ලියැවුණු පොත් රැසක් කියවන්න ලැබුණා. මම මේ දවස්වල ඒවා කියවනවා. මේ පොත් කියැවීමෙන් මම නිවුණු පුද්ගලයකු බවට පත් වෙලා ඉන්නවා. මගේ ජීවිතේ විශාල වෙනසක් ඇති වන බව මට පෙනෙන්න තිබෙනවා."