පැමිණිල්ල අවිවාහක තරුණියක් ව්‍යාපාරිකයෙකුගේ නීත්‍යනුකූල බිරියට එරෙහිව කළ පැමිණිල්ලකි. පැමිණිකාරිය ව්‍යාපාරිකයාට අයත් රෙදි සාප්පුවක සේවිකාවකි. තමා සේවයෙනුත් පහකර ව්‍යාපාරිකයාගේ බිරිඳ තමාට පහර දුන්නා යැයි ඇය පොලීසියට පැමිණිලි කර තිබිණි.
ව්‍යාපාරිකයා පමණක් කාන්තා කාර්යංශය තුළ සිටියදී ඔහුගේ බිරිඳටත් පැමිණිලිකාරියටත් මදකට පිටතට යන ලෙස පොලිස් පරීක්ෂක අයිරා ප්‍රනාන්දු මහත්මිය කීවාය.
“මේ පැමිණිල්ල කළ මහේෂි තමුන්ගෙ සාප්පුවක වැඩ කරනවාද?”
“ඔව් මිස්. මගෙ නෝනා එයාට ගැහුවට එයා මගෙ නෝනගෙ හොඳම යාළුවා. එයා මගෙ සාප්පුවට ගන්න කියලා කීවෙත් මගෙ නෝනාමයි.
“මහේෂි සාප්පුවට එන්නෙ එයාගෙ ගෙදර ඉඳලද?”
“එයා ඉන්නෙ අතුරුපාරක. බස් අඩුයි. ඒ නිසා මහේෂි ඉන්නෙත් අපේ ගෙදරමයි.”
“තමුන්ට බබාලා කී දෙනෙක් ඉන්නවාද?”
“එක්කෙනෙක්වත් නෑ... අපි ළඟදී බැන්දෙ...”
“මහේෂි රෑට කොහෙද නිදාගන්නෙ. එයාට වෙනම කාමරයක් තියෙනවාද?”
“නෑ මිස් එයා නිදාගන්නෙත් අපෙ කාමරයෙමයි...”
“ඇයි ඒ කාමරයෙම ඉන්නෙ ගෙදර ඉඩ නැද්ද?”
“ඉඩ නම් ඕනිතරම් තියෙනවා. කාමර විතරක් හයක්ම තියෙනවා...”
“ඒත් තමුනුයි තමුන්ගෙ භාර්යාවයි මහේෂියි තුන්දෙනාම නිදාගන්නෙ එකම කාමරයෙ ඒ ඇයි? මට තව දෙයක් දැනගන්න ඕනි. ඒ කාමරයෙ මහේෂි නිදාගන්නෙ වෙන ඇඳකද?”
“නෑ... මිස් අපි තුන්දෙනාම නිදාගන්නෙ එකම ඇඳේ...”
“හරි පුදුම කතාවක්නෙ මේක. මේ කතාව මට කියලා වැඩක් නෑ. නඩුකාර හාමුදුරුවන්ටම තමයි කියන්න ඕනි. තමුන් නිදන ඇඳේම මහේෂිත් නිදිකරවා ගන්නවාට තමුන්ගේ භාර්යාව විරුද්ධ වුණේ නැද්ද ඉතින්?”
“මහේෂිට මගෙ ඇඳේ නිදාගන්න එන්න කීවේ මම නෙවෙයි මිස්. මගෙ නෝනමයි.”
“ළමිස්සියකුයි, තමුන්ගේ නෝනයි එක්ක එකම ඇඳේ නිදාගන්න එක හරි අශෝභනයි කියලා තමුන්ට හිතුනෙ නැද්ද?”
“මහේෂි අපි දෙන්නත් එක්කම නිදාගන්න එක හරි නෑ, අපි එයාට කාමරයකට යන්න කියමු කියලා මං මගෙ නෝනට කීවා. ඒත් එයා මහේෂිව වෙන කාමරයකට යවන්න කැමති වුණේ නෑ...
“මහේෂිට වෙනම කාමරයකට යන්න දුන්නේ නැත්තේ ඇයි? තමුන් ගැන තමුන්ගෙ නෝනට මොකක් හරි සැකයක් ඇතිවෙලාද?”
“සමහර විට එහෙම වෙන්න ඇති මිස්...”
“තමුන්ගේ නෝනා මහේෂිට ගහන්න හේතුව මොකක්ද?”
“මහේෂි මගෙත් එක්ක හිටියා දැක්ක කියලනෙ එයා කියන්නෙ...”
“එක ඇඳේ ඉඳලත් නොහිටියොත් තමයි පුදුමේ” යැයි කියූ පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය මහේෂිට එන්න කියන්න යැයි කීවාය.
“සාප්පුවෙ අයිතිකාරයයි, එයාගෙ නෝනයි, තමුනුයි නිදාගන්නෙ එකම ඇඳකද?”
“ඔව් මිස්... මං නම් එකට නිදාගන්න අකමැති වුණා. ඒත් එයාලටම තමයි ඕනි වුණේ මාවත් එයාලගෙ ඇඳේම නිදිකරවා ගන්න.”
“සාප්පුව අයිතිකාරයගෙ නෝනා කියනවානේ තමුන් සාප්පුව අයිතිකාරයත් එක්ක ඉන්නවා දැක්කා කියලා. ඒ කතාව ඇත්තද?”
“ඔව් මිස් ඇත්ත...”
“කොහේදීද හිටියේ නිදි ඇදේමද?”
“නෑ කාමරයක...”
“තමුන් දැන් කිලිටියි. ලොකු ප්‍රශ්නයක්. සාප්පුකාරයගෙ නෝනට දික්කසාද වෙන්න ඕනිලු. ඒ ගැන සාප්පුව අයිතිකාරයා තමුන්ට මොකුත් කීවේ නැද්ද?”
“එයා කියනවා එයා දික්කසාද වුණාම අප බඳිමු කියලා...”
“තමුන් කැමතිද ඉතින් එයාව බඳින්න...”
“මං දික්කසාද වෙන්න කියන්නෙ නැහැනෙ මිස්. එයාගෙ නෝනම තමයි ඒ කතාව කියන්නෙ. කොහොමටත් මං දැන් අතරමං වුණ කෙල්ලක්. මගෙ හෙට ගැනත් මං අද බලන්න එපායැ.”
පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය ඉක්බිති කතා කළේ තිදෙනා ඉදිරිපිටමය. සාප්පුව අයිතිකරුගේ බිරිඳ අවධාරණයෙන්ම කියා සිටියේ ඔහුගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බවය.
ඔහු - “මෙයා මේ හිතින් මවාගත්ත දෙයක්නෙ මිස්. මං මහේෂිත් එක්ක කවමදාක වත් එහෙම ඉඳලා නෑ...”
බිරිඳ - “තව එකම එකපාරක් කියනවා බලන්න ඔය කතාව. පට්ටපල් බොරු කියන්න එපා. මගේ මේ ඇස් දෙකින් දැක්ක දේ තමුසෙ කොහොමද නෑ කියෙන්නේ.”
පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය - “තමුන්ලත් එක්ක මං තවත් කතා කරන එකේ කිසිම තේරුමක් නෑ. මට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් මෙතැන නෑ. නඩුකාර හාමුදුරුවන්ටම තමයි ඒක කරන්න පුළුවන්. මං තමුන්ලව උසාවියට ඉදිරිපත් කරනවා.”
******* ****** ***** ***
බොහොම අහිංසක පෙනුමක් ඇති සරමක් ඇඳගත්ත තරුණයෙක් ඉක්බිති පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මියගෙ මේසය ළඟට ආවේය.
“ඔව් තමුන් මොකද?”
“මට මගෙ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ ඕනෑ මිස්...”
“කසාද බඳින්ඩ හිතුණම කසාද බඳිනවා වගේම දික්කසාද වෙන්ඩ හිතුණම දික්කසාද වෙන්නත් ලේසියි කියලා හිතුවද? එහෙම ආවට ගියාට දික්කසාද වෙන්ඩ බෑ. දික්කසාද වෙන්ඩ තරම් ගෑනි මොකක්ද තමන්ට කළ වරද...”
“මං මේ ඇස් දෙකින්ම ඊයේ රෑ දැක්කා මිස් මගෙ ගෑනි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඉන්නවා. මං විතරක් නෙවෙයි මගෙ පුතාත් දැක්කා. ඒකයි මට දරාගන්න බැරි. පුතා දැන් ඉන්නෙ යමක්කමක් තේරෙන වයසේ. අවුරුදු එකොළහයි එයාට. එයා නින්දෙන් ඇහැරිලා අම්ම බැලුවා. අම්මා නෑ. තාත්තා බැලුවා තාත්තත් නෑ. ඒ පාර තමයි කොල්ලා අපි බලන්න එළියට ඇවිත් තියෙන්නේ. එතකොට තමයි කොල්ලා මේ පව්කාර දර්ශනේ දැක්කේ. “යනවා ගෙට” කියලා මං පුතාව එළවා ගත්තා.
“ඒ මිනිහට තමුන් ගැහුවේ නැද්ද?”
“නෑ මිස්... මං මිනිහගෙ ඇඟට අත තිබ්බෙවත් නෑ. මිනිහා ඇඬුවා. අඬන ගමන් මට වැන්දා.”
“අනේ උපසේන අයියේ මට කරදර කරන්න එපා. මෙයා එන්න කීව නිසයි මං ආවේ” කියලා මිනිහා කීවා.
උපසේනට මදක් පිටතට යන්න කී පොලිස් පරීක්ෂකවරිය ඔහුගේ බිරිඳට එන්න කීවාය. ඇය ජින්ස් එකකින් සැරසී සිටියාය. කොණ්ඩය පීරාගෙන සිටියෙත් අමුතු විදියකටය. තවරාගෙන සිටි සෙන්ට්, පවුඩර්වල වැඩි සුවඳ කාමරයෙ බිත්තිවලත් තැවරෙන්න ඇති.
“තමුන්ගෙ ස්වාමිපුරුෂයා තමුන්ට විරුද්ධව බරපතළ පැමිණිල්ලක් කළා. තමුන්ගේ පුතත් දැක්කලු ඒ හිරිකිත දර්ශනේ...”
“මං නෑ කියන්නෙ නෑ මිස්. එහෙම වුණා. පුතා දැක්ක එක ගැන නම් මටත් හරිම ලැජ්ජයි. උපසේන ඊයේ දැක්කට මං ඒ කොල්ලත් එක්ක ඉන්නෙ ගොඩාක් කල් ඉඳලා. උපසේන දන්නෙ නෑ, මං දන්නවා පුතත් උපසේනගෙ නෙවෙයි ඒ කොල්ලගෙ.”
“තමුන් ඇයි ඔය වැඩේ ඔය තරම් කැත විදියට කරන්නේ. නීත්‍යානුකූල පුරුෂයෙක් තමුන්ට ඉන්නවනේ.”
“එයාගෙ නීත්‍යනුකූලකම විවාහ සහතිකේට විතරයි මිස්. මං ඉස්සර වෙලා කීවෙ පුතාගෙ තාත්ත එයා නෙවෙයි කියලා. මමත් අනෙක් ගෑනු වගේම මස්, මාළු, පලා, බිත්තර කන ගෑනියක්. මං මළ මිනියක් නෙවෙයි. මටත් ශීතල, උෂ්ණ හැඟීම් ආශාවල් දැනෙනවා මිස්.”
“මට තේරෙනවා තමුන් කියන කතාව. තේරෙන්න එපැයි නේද? දෙන්නම කියන්නෙ දික්කසාද වෙන්න ඕනැ කියලනෙ. හොඳයි මං දෙන්නා උසාවියට යවන්නම්.”
පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය කීවාය.