කෙල්ලනේ සෙල්ලං වෙන්න බැරි නෑ ලෙල්ලං - Gossip Lanka 9



මේක කොහොමවත් මෙහෙම වෙන්න බෑ කියලා තර්ක කරනවට වඩා මම හිතනවා ඔයාලා මේක කියවලා ඉන්න එක හොඳයි. ඔයා අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් වඩාත්ම හොඳයි මේක කියවන එක.

මම "මව්බිම"ට සම්බන්ධ වෙන්නත් කලින් සරසවි ශිෂ්‍යයෙක්ව හිටපු කාලෙ ඉඳලම කොහොමහරි හැමදාම පන්තියක් දෙකක් කරගත්තා. ඒකෙ තිබුණෙ සල්ලිවලින් මනින්න පුළුවන් වටිනාකමක් විතරක්ම නෙමෙයි. පුදුමාකාර විදියට මිනිස්සුන්ව හම්බ කරන්න පුළුවන් වුණා. ඒ සමහර අයගේ හිත මිතුරුකම් තාමත් ඒ විදියමයි. මට අවුරුදු තුනක් විතර බාල අයගේ ඉඳන් පහළට මට ගෝලයො හිටියා. මේ අය අතරින් හුඟක් අය උසස් පාසල්වල. පසුගිය දවසක මේ අය අතරින් කෙනෙක් මට දුරකතනයෙන් කතා කළා. ඒ දුරකතන ඇමතුමේ තිබුණේ සාමාන්‍ය සරල විදියේ, සුලබ සුවදුක් විමසීමක්. ඒත් සාමාන්‍යයෙන් අෑ මට මේ විදියට කතා කළේ බොහෝම කාලයකින්. ඒ දුරකතන ඇමතුමේ අවශ්‍යතාවක් වෙලා තිබුණ මාව ඇගේ මිතුරියකට හඳුන්වා දීම.
"එයාට තියෙනවලු කියන්න ලොකු කතාවක්. ඒක පත්තරේට හොඳටම ගැළපෙනවලු..."

ඒ විදියට ලැබෙන දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයකින්, බොහෝ දුරට පත්තරේට ගැළපෙන්නෙ එකක් දෙකක්. ඒත් හුඟාක්ම කාර්ය බහුල නැත්නම් ඒ හැම කතාවකට සවන් දෙන එක අපේ සිරිත. සාමාන්‍යයෙන් මේ වගේ ළඳ බොළඳ ගෑනු ළමයෙක්ට මොකක්ද මට කියන්න තියෙන්නෙ?
මම ඇගේ වචනයෙන් මේ කතාව නොලිය මගේ වචනයෙන් ලියන්න හිතුවා. ඇගේ වචන හුඟාක් සියුමැලියි. ඒත් මේ කතාව ඊට හාත්පසින්ම වෙනස් ගොරහැ¾ඩි කතාවක්. ඒ නිසා මම ඇගේ සියුමැලි වචන වෙනුවට මගේ ගොරහැ¾ඩි වචනවලින් මේ කතාව කියවන්නම්. සමහර විට මේක සුලබ කතාවක් කියලා ඔයාට හිතේවි. ඒත් ඒ අදහස මොහොතට අතඇරලා දාන්න.

අෑ පාසල් ශිෂ්‍යාවක්ව ඉන්නා අවධියේමයි පෙම්වතියක් බවට පත්වෙන්නෙ. ඒක සාමාන්‍යයි. අපේ සදාචාරය මත අපි ඒකට වැරැදියි කියලා කිව්වට ඒ අපි නිකම්ම නිකන් හිත හදාගන්න කරන දෙයක් විතරයි. අෑ පෙම්වතියක් බවට පත්වීමත් එක්ක අපිට හිතාගන්න බැරි විදියට නිදහස භුක්ති විඳිනවා. ඒකට වැරැදි ඒ අම්මයි තාත්තයි. මේ ලිපිය අස්සෙ කාගෙවත් අනන්‍යතාවක් හෙළි නොකරන නිසා හුඟක් දුරට, ඒ අම්මයි තාත්තයි මේක දකින එකක් නෑ.
ඒත් මේක කියවන අම්මලයි තාත්තලයි තමන්ගෙ දරුවෝ ගැන හිතන ප්‍රමාණය ඇතිද කියලා තීරණය කරන්න. සමහර විට ඔබ හරි වෙන්න පුළුවන්. ඒත් මේ අම්මයි තාත්තයි වැරැදියි. ඒත් ඒක සුලබ වරදක්. තමන්ගෙ දරුවා ගැන හොයලා බලන්නෙ නැති එක. මේ කෙල්ල හිතු මනාපෙට අර කොල්ලත් එක්ක රවුම් ගහනවා.

යන එන තැන් තීරණය කරන්නෙ කොල්ලා. වයස අවුරුදු දහ අට විස්ස සීමාවේ ඉන්න කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි හිතු මනාපෙ හැසිරෙන්න හම්බුණාම, උන්ගෙ ලෝකෙට සීමා මායිම් දාන්නෙ කවුද? ඒවට උත්තර නෑ. සල්ලි තියෙන කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි කරන්න පුළුවන් දේවල් ඕන තරම්. ඒ හැම දෙයක්ම මේ ගොල්ලො කරනවා. එක තැනකදි මේ කෙල්ලට වැඩ වරදිනවා. අන්න ඒ වරද හදාගන්න විදියක් නැතුව තාමත්, මම මේ ලිපිය ලියන මොහොතෙත්, මේ ලිපිය කියවන මොහොතෙත් ඒ වරද හදාගන්න විදියක් නෑ. කවදාවත්ම ඒ වරද හදාගන්න බෑ.

අෑ පෙම්වතා එක්ක හෝටල්වලට රිංගුවේ නෑලු. ඒත් අෑ ජීවිතේ නිදහස විඳින්නෙ කොල්ලව ගෙදරටම ගෙන්න ගෙන. දැන් හිතන්න අෑ වැරැදිද කියලා. අෑ කොහේවත් යන්නෙ නෑ. අෑ ඉන්නෙ ගෙදර. අෑ වැරැදි නෑ. අෑ ඉතාමත්ම හොඳයි. අම්ම තාත්තා කියන දේ අහලා ගෙදර ඉන්නවා. කාමරේටම වෙලා ඉන්නවා. එතකොට ඒ කොල්ලද වැරැදි. කෙල්ලන්ට තැන් තැන්වල යන්ඩ කතා කරන කොල්ලො හොඳ නෑ. අඩුම තරමේ මේ කොල්ලා ඒ කෙල්ලට පාරටවත් එන්න කියන්නෙ නෑ. වැදගත් විදියට ගෙදරටම ඇවිත් කතා බහ කරන්නෙ. ඒත් මේ කොල්ලගෙයි, කෙල්ලගෙයි හැඟීම් වැරැදියි. හිත් අහිංසක වුණත් මේ අය කාමරයක් ඇතුළේ තනි වුණාම, හුඟක් දේවල් වැරැදි විදියට වෙනවා. ඒත් ඒ හැමදේම තමන්ට පෞද්ගලිකව විඳගෙන ඒ කාමරේ ඇතුළෙම ඉවර කරන්න පුළුවන් වුණාට අමන ගොං වැඩක් මෙයාලා කරනවා. ඒ තමයි ජංගම දුරකතනය අරගෙන කෙල්ලගෙ ෆොටෝ ගන්න කොල්ලට ඉඩ දෙන එක. විශ්වාසය මත කරන මේ දේවල්වල බරපතළකම ගැන නොහිතන එක තමයි වරද. එදා ඒ විදියට ඉවර කරපු සුන්දර දවස, සමහර විට මේ විදියට දවස් කීපයක් ගත වෙන්න ඇති, සෙල්ලක්කාර කොල්ලෙක්ට තවත් එක දෙයක් විතරක් වෙන කොට ඒ ප්‍රේම කතාව බොහෝම දුක්බර විදියට අවසන් වෙනවා. ඒත් ඒ කතාව ඉවර වෙලා, පටන් ගත්ත අලුත් කතාව බෙහෝම නරක විදියට ඇගේ ජීවිතයට බලපාන්නෙ.

ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාලා කියන ආරංචියත් එක්ක කෙල්ලව ගිනි ගන්නවා. අවසානයේ ඒ කතාව අවසන් වෙන්නෙ නීතියෙන් පියවර අරගෙන, කොල්ල හිරේ දාල, වන්දිත් අරගෙන. දෙන්න තුන් දෙනාගෙම නම් පවා කැතවෙලා, ප්‍රශ්න දහස් ගාණක් ඇති වෙලා, තරහ කාරයොත් හදාගෙන. ඒත් මම කියන්නේ ඒ කතාව නෙවෙයි. ඒ සිදුවීම වෙලා මේ වෙනකොට අවුරුදු දෙකකටත් වඩා ගතවෙලා. ඒත් මේ දැනුත් ඇගේ ඒ ඡායාරූප ඒ විදියටම අන්තර්ජාලයේ තියෙනවා. නීතියෙන් කටයුතු කරන්න බැරි සීමාවට, ළං වෙන්න බැරි දුරට ගියාට පස්සේ මොකද කරන්නේ.
ඒ ඡායාරූප ඔක්කොම පළමුවැනි කෙනා අන්තර්ජාලයෙන් ඉවත්කර ගන්නවා. ඒත් දැන් හරි කියලා හිතලා බෑ. ඒ ඡායාරූප වෙනත් කෙනෙක්, ඒ වෙනකොට තමන්ගේ පරිගණක මතකයේ පරිස්සමට තියාගෙන ඉවරයි. ඒ අය තමයි හිතුණ හිතුණ වෙලාවට ඒවා ආයෙමත් සැරයක් අන්තර්ජාලයට මුදා හරින්නේ. විශේෂයෙන්ම ඉන්දියානුවෝ. විවිධ නම්වලින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටු වෙබ් අඩවිවල ඉන්දියානු කෙල්ලක් විදියට අෑව හඳුන්වල දීල ඡායාරූප අදත් තියෙනවා.

කවදහරි දවසක විවාහ වෙනකොට ඇගේ සැමියා වෙන කෙනා මේවා නොදකීද? ඒ සැමියා වෙන කෙනාගේ සහෝදරයෙක් මේවා නොදකීද? නැත්නම් ඒ පවුලේ වෙන කෙනෙක් මේවා නොදකීද? මම අහන්නේ මේ ලෝකෙ කාට හරි පුළුවන්ද ඒව නොදකින බවට වගකීමෙන් උත්තර දෙන්න. බෑනෙ නේද?. විවාහයට දින කිහිපයකට කලින් තමන්ගේ සහෝදරයා බඳින්න යන කෙල්ලගේ නිරුවත් ඡායාරූප, අන්තර්ජාලෙ දැක්කම 'ඒවා එහෙම තමයි' කියලා හිත හදාගන්න එයාට පුළුවන් වෙයිද? එහෙම නැත්තං විවාහය පවා දෙදරුම් කන්න ඒ සිදුවීම ප්‍රමාණවත් නොවෙයිද? හිතලා බලන්න. තව වසර කීපයක් ගත වෙනකොට අන්තර්ජාලය පරිහරණය කරන එක මොන විදියට අඩු වැඩි වෙයිද අපි දන්නෙ. ඒක කොයි පැත්තට පෙරැළේද කියලා අපි දන්නෙ නෑනෙ. ඇගේ දරුවෙක්, ලොකු මහත් වෙලා අන්තර්ජාලයේ ඉන්න අතරේ අම්මගේ තරුණ කාලේ ඡායාරූපයක් දැක්කම නොබලා ඉඳීවිද? ඒත් ඒ ඡායාරූපයක් නිරුවත් ඡායාරූපයක් වුණොත්, මොකක් වේවිද? ඒ ප්‍රශ්නය හිතේ තද කරගෙන අම්මගේ නිරුවත් ඡායාරූප දැකීමේ පවෙන් මිදෙන්න පුතා දිවි නසා ගන්නවාද? නැත්නම් අම්ම සහ පුතා අතර ඇතිවන කතාබහෙන් පස්සේ ඒ අම්ම දිවි නසාගන්නවාද? තව මේ කතාව කොයි තරම් දිගට අරගෙන ගියත් වැඩක් නෑ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ජීවිතේ සම්බන්ධව සෙල්ලම් කරන්න එපා.

මේ කතාව මම දැනගත්තේ පසුගිය දවසක. ඒ කතාව පිරිමි ළමයි දෙන්නෙක් සහ ගෑනු ළමයෙක් සම්බන්ධ කතාවක්. මේ තුන්දෙනාම තාමත් පාසල් අධ්‍යාපනය ලබනවා. ඒත් ගෑනු ළමයි මේ දෙන්න එක්කම හුඟාක් දුර ගිය සම්බන්ධතා පවත්වලා ඉවරයි. ඒත් එක්කම මේ එක්කෙනෙක් එක්ක එකතුවෙලා වැටෙනකම් බීලා, නයිට් ක්ලබ් අස්සට රිංගන්න පටන් අරගෙන. අෑ ඇගේ මිතුරියක් එක්ක කියන විදියට දැන් මේ කෙල්ල ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමි අය ගණන පහකට හයකට වඩා වැඩියි. ඒත් අවාසනාවන්තකම තමයි මේ ගැන ඒ අම්මවත් තාත්තවත් දන්නෙ නෑ. ඒත් අෑ රාත්‍රිය ගතකරනව සමාජශාලාවල වගේම මේ පිරිමි ළමයා ඇගේ ගෙදර රාත්‍රිය ගත කරනවා. මේ අය වෙනස් ජීවිතයකට හුරු වෙන්නේ මොනවා හරි වරදක් නිසා තමයි. ඒත් ඒ අම්මලා තාත්තලා කල්පනාවෙන් හිටියනම් මේ පොඩි කෙල්ල ජීවිතෙත් එක්ක සෙල්ලං කරන එකක් නෑ.

ඒත් දැන් අපේ ගම්වල ඉන්න අම්මල තාත්තල හිතල බලන්න ඔයාගේ දුව කොච්චර හොඳයිද කියලා. කොයිතරම් අහිංසකයිද කියලා. කොල්ලෙක්ට කෙල්ලෙක් ලියුමක් දුන්න පමණින් කෙල්ලො මහා වැරැදිකාරයෝ කියලා හිතපු සමාජයක් ඇතුළෙ ඔය වගේ කොළඹ කෙල්ලෝ ඕනෑ තරම් ඉන්නවා. ජීවිත සිල්ලර විදියට හිතලා ජීවිතත් එක්ක සෙල්ලං කරන. ඒත් හිතන්න අපේ ගම්වල කෙල්ලො කොයිතරම් අහිංසකයිද? කොහොම හරි යාන්තං ජීවිතේ ගැට ගහන්න මිනිස්සු තම තමත්ගෙ දුවලා පුතාලව කොහොම හරි පරිස්සම් කරගන්නවා. ඒත් මම කලින් කියපු කතා දෙකේම අම්මලා, තාත්තලා මාසෙට ලක්ෂ ගාණක් පඩි ගන්න ලොකු රස්සා කරන අය. ඒත් ඒ අයට තමන්ගෙ දරුවෝ ගැන නිකමටවත් හොයලා බලන්න වෙලාවක් නෑ. ලොකු රස්සා කරන අයට තමන්ගෙ දරුවෝ ගැන හොයන්න බලන්න වෙලාවක් නෑ කියන එක අපි වසර ගණනාවක් පුරා අහන දකින සුලභ කතාවක් තමයි. ඒත් ඒ සුලභ කතාව සත පහකටවත් ගණන් ගන්නේ නැති අම්මලා තාත්තලාට මේවා හැමදාම කිව්වත් මදි කියලා හිතෙන නිසයි මේ කතාව ලියන්නේ. හිතල බලන්න මම කලින් කියපු අත්දැකීම විඳින්න වෙන්නේ ඔබේ දුවට නං ඔයා මොනවද කරන්නේ. කෝටියක් වියදම් කරලවත් ඇගේ ආත්ම ගෞරවය ගන්න පුළුවන්ද?

ඊළඟට හිතලා බලන්න දැනට මේ විදියට ෆේස් බුක්, පිටු බවට පත්වෙලා ඉන්න ඔය විදියට වැඩ වරද්දගත්ත කෙල්ලො කොයිතරම් ඉන්නවද? ඒ නිසා අම්මලට තාත්තලට කියන්න තියෙන්නේ ගහල බැනලා හරි කමක් නෑ කෙල්ලො පරිස්සම් කරගන්න. කෙල්ලන්ට කියන්න තියෙන්නේ.

01 බඳින්න කලින් කොල්ලෙක් එක්ක ඕන නැති විදියේ අනවශ්‍ය සම්බන්ධතා තියාගන්න එපා.
02 ඒ විදියට සම්බන්ධතා තියාගන්නට ඕනෑ නම් ඔයා එයාව විවාහ කරගන්න බව විශ්වාසවන්ත විදියට තහවුරු කරගන්න.
මේවා ඉතිං කියන එක වැරදිත් ඇති. ඒත් දැන් ලංකාව ඇමෙරිකාව වෙනව නං ඒවට මුහුණ දෙන්න අපේ කෙල්ලො හුරු වෙන්න ඕන.
03 කොල්ලොත් මොන විදියේ අවලම් වැඩක් කළත් කමක් නෑ. මොන හේතුවකටද ඒවායේ ඡායාරූප ගන්නේ. කාට පෙන්නන්නද? ගොං කං කරන්න එපා. ජීවිතේට අනවශ්‍ය, ඕනෑ නැති වැඩ කරලා ඒවායේ ඡායාරූප ගහන්නේ මොකටද?

මේ ප්‍රශ්නෙට තම තමන්ම උත්තර හොයාගන්න. හැබැයි තුන්වැනි කාරණාවට නෙවෙයි. පළමුවැනි කාරණාවට. අම්මලා තාත්තලා දැනගන්න ඕන ඔය එක කාරණාවක් තමන්ගේ ජීවිතවලට අදාළ කර නොගන්න. කෙල්ලන්ට කියන්න තියෙන්නේ ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි.

-mawbima-